🩸Chapter3🩸

53 12 20
                                    

හිතේ තිබුන හැම දුකක්ම වතුරත් එක්ක දියකරලා දාපු මම තුවායක් පටලන් කාමරයට ආවා. ඒත් කෝ මට අදින්න ඇඳුම්?

කාමරේ තිබුන ලොකු අල්මාරියක් ඇරලා බලපු මම ඒකෙ තිබුන කමිසයක් ඇඳ ගත්තා. ඒක කොටම කොටයි. කන්නාඩිය ඉස්සරහට ගිහින් බැලුවම තමයි කමිසෙ ඇතුලෙන් යන්තමට පේන ළැම දැක්කෙ...

යට ඇදුම් නෑනේ ඉතිං මට . එවෙලෙම දොර් අගුල කැරකුනේ මම බයෙන් ගල් ගැහිලා යද්දි.... මාව මරන්න ජන්කුක් ඇවිත් ද ?

කාමරයට ආවේ මගේ ජීවිතය බේරගත්තු වැම්පයර් කොල්ලා. ඇස් මගේ ඇගේ ඉහළ ඉඳන් පහලටම දුවනකොට කමිසෙ කොනින් පහළට ඇදපු මම රවලා බැලුවා.

"ඔයාට ඇඳුම් වගයක් ගෙනාවා "

එයා අරගෙන ආව ලොකු බෑග් එකක් මට දික් කළා. මම ඒක නොගෙන අහක බැලුවේ ලැජ්ජාව යටපත් කරගන්න.

"කාමරයකට එන්න කලින් කතා කරලා එන්න දන්නෙ නැද්ද?"

"සමාවෙන්න. වෙනදා එන පුරුද්දට ආ"
"

"වෙනද එන පුරුද්දට!! මේ කාමරේ ඔයාගෙද..... මේ ඇඳුමත් ඔයාගෙද? "

"ඔව් මේ මගේ කාමරේ... මේ කාමරේ තියන හැමදෙයක්ම මගේ "

"මමත්?"

එයාට හිනා ගියා. උල් රදනක දත් නිසා නපුරු පෙනුමක් තිබුණත් ඒ හිනාව හරි ලස්සනයි.

"අපෝ නෑ.... "

ඇදුම් බෑග් එක ඇඳ උඩට දාපු එයා ගියේ දොර ගාවට

"ඇඳුමක් ඇඳන් ඉවර වෙලා මට කතා කරන්න. මම එළියෙ ඉන්නං . ඊට පස්සෙ පුළුවන් ඔයාට කෑම කන්න"

මම ඔළුව හෙල්ලුවා. මොකද ඒ වෙද්දිත් මගේ හොඳ පණ ගිහිං තිබුනේ ඒ නිසාම මට දැනුනේ එසේ මෙසේ බඩගින්නක් නෙවේ.

ඉක්මනින් ඇඳුමක් දා ගත්තු මම පුදුම උනේ වැම්පයර් කොල්ලා මට යට ඇදුම් පවා ගෙනත් දීපු එකට .

එයාට තියෙන්නෙ ඇත්තටම කරුණාවෙන්ත හදවතක්. මම එයාට කතා කරන්න හදනකොටම තමයි මතක් උනේ මං එයාගෙ නම දන්නෙ නැති බව.

"මේ.... ඔයාට කතා කරන්න මම ඔයාගෙ නම දන්නෙ නෑනේ..."

දොර ඇරපු එයා මට එළියට අඬ ගැහුවා.

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now