🩸Chapter13🩸

32 7 2
                                    

සීතල ස්පර්ශයෙන් මම දැනගත්තා ඒ වැම්පයර් කෙනෙක් කියලා. මම ඇස් ඇරලා බලද්දි දැකපු දෙයින් මගේ ඇස් උඩ ගියා.

ඇවිත් හිටියෙ මගේ සහෝදරී ටාරා. මට එයා එක්ක පොරබදන්න කිසිම  හැකියාවක් තිබුනේ නැහැ.

"කට වහගෙන වරෙං මාත් එක්ක"

මගේ කනට කරලා කොඳුරපු ටාරා ඇඳ උඩින් බැස්සා. ටාරගෙ යදම් වගේ ශක්තිමත් අත පය වලට තැලුන මගේ මුළු සිරුරම වේදනාවෙන් රිදුම් දුන්නා.

"මොනවද තවත් කල්පනා කරන්නෙ? උඹ මා එක්ක එනවද නැත්නං මම උඹේ අම්මවයි තාත්තවයි ඉවරයක් කරන්නද?"

" ඒ ඉන්නෙ ඔයාගෙත් දෙමව්පියො ටාරා"

"මට දෙමව්පියො නැහැ. "

ටාරා මගේ දෙමව්පියන්ට අනතුරක් කරයි කියන බය නිසා ජනේලෙන් පැනපු මං එළියට ආවා.

මට මොන දේ උනත් මගේ අම්මටයි තාත්තටයි කිසිම අනතුරක් වෙනවට මම කැමති නැහැ.

එයාගෙ පස්සෙන් එන්න කියලා මට සංඥා කරපු ටාරා පරණ පිට්ටනිය පැත්තට යන්න ගත්තා.

හුළඟ නිසා ටාරගෙ දිග රතුපාට කොන්ඩෙ අවුල් වෙලා තිබුනා. එයා නැවතුනේ පිට්ටනිය කෙළවරේ තිබුණ කොට්ටම් ගහයට .

මමත් හිමින් සැරේ එතනට ලං උනා. පපුවේ අත්දෙක බැඳගත්තු ටාරා එක ඇහිබැමක් උස්සලා මා දිහා බැලුවා.

"ජීවිතේ බේරගන්න එක අවස්ථාවක් දෙන්නම්. ජිමින්ගෙන් ඈත් වෙලා ඉන්න. "

"කවදාවත් මම ඒක කරන්නෙ නැහැ"

මම ස්ථිර හඬින් කිව්වා.  ටාරගෙ ඇස් කේන්තියෙන් පොඩි වෙලා යනවා මම දැක්කා.

"ඇයි උඹ හැමදාම මගේ සතුට උදුරගන්නෙ?"

මට කිසිම දෙයක් කියන්න වත් ඉඩනොදීපු ටාරා  මාව තල්ලු කරපු පාර මගේ ඔළුව කොට්ටම් ගහේ කඳේ වැදිලා තුවාල උනා.

ලේ ගලන තුවාලයත් අල්ලගෙන මම නැගිටින්න හදනකොටම ටාරා මගේ කොන්ඩෙන් රිදෙන්න ඇද්දා.

"මොනවද ටාරා මම ඔයාගෙන් උදුරගත්තෙ? මට මගේම අක්කාගෙන් උදුරන්න දේවල් තියනවද?"

"ඇයි නැත්තෙ? උඹ තමා හැමදේම උදුරගත්තෙ....  මුලින්ම උඹ අම්මගෙයි තාත්තගෙයි ආදරය උදුරගත්තා... මට අසනීප වෙලා හොස්පිට්ල් එකේ ඉන්නකොට අම්මා මාව බලන්න ආවේ නෑ උඹ පොඩි නිසා. තාත්තා ඇවිත් කියවන්නෙම උඹ ගැන.
මම අනිත් ළමයි අම්මලා ඒක්ක හුරතල්වෙන හැටි බල බල හැමදාම හීල්ලුවා. දැං උඹ මගේ ආදරයත් උදුරගෙන. මමයි ජිමින්ට ආදරය කෙරුවෙ.... එයා මගේ... උඹ එතනටත් ඇවිත් මගෙන් ජිමින්ව හොරකම්කලා. උඹට මගෙන් සමාවක් නම් නැහැ රියා..... "

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMTempat cerita menjadi hidup. Temukan sekarang