🩸Chapter5🩸

52 10 10
                                    

එතකොට මම එදා හවස දැක්කෙ සුකි වගේම කෙල්ල කවුද.... මම සෙලීනගෙන් ඒ ගැන අහන්න හදනකොටම එයා කාගෙ හරි ඉවක් දැනිලා වගේ එක එල්ලේ දොර දිහා බැලුවා.

" ඔයා ඔතන ඉන්නවා කියලා මම දන්නවා"

සෙලීනා මට ඇඳ උඩම ඉන්න කියලා අතින් සංඥා කරලා දොර ගාවට ගියා...

" මම ඔය මනුස්ස කෙල්ලගෙ ලේ බොන්න ආවේ නෑ සෙලීනා. මට එයාව බලන්න විතරයි ඕනෙ"

එහා පැත්තෙන් ඇහුනෙ ගෑණු කටහඬක්. නළල රැළි කරගත්ත සෙලීනා ටික වෙලාවක් කල්පනා කළා.

"ඔයා දන්නවනෙ ටාරා.... ජිමින්, රියාව භාර දීලා ගියේ මට මරණ තර්ජනත් කරලා. කිසිම වැම්පයර් කෙනෙක්ට රියාව මුණ ගැහෙන්න දෙන්න එපා කිව්වා."

"ඔහ්.... ඔයාට සැකද මාව ? මට ලේ බොන්න ඕනෙ නං මේ කෙල්ලව හොයන් එන්නෑ"

" හරි එහෙනං.... හැබැයි පරිස්සමින් "

මා දිහා බලලා හිනා උන සෙලීනා දොර ඇරියා. මම ගැහි ගැහි හිටියෙ කවුරු ඇතුළට එයිද කියලා. දෙවියන්.... මේ අර සුකි වගේ කෙල්ල... සුකි වගේම දිග රතු පාට කොන්ඩයක් මේ කෙල්ලටත් තියනවා. මෙරුන් පාට ඇස්, කළු හීනි ඇහි බැම , උඩු තොල ගාව තියන උපන් ලපය නිසා එයාට තියෙන්නෙ අනුරාගී පෙනුමක්.

"මෙයාද මේ ජිමින් හුරතලේට ඇති කරන කෙල්ල? "

"මේ ඉන්නෙ රියා... රියා මේ පාර්ක් ටාරා "

සෙලීනා අපිව එකිනෙකට හඳුන්වලා දුන්නා. එක ඇහි බැමක් උස්සලා මා දිහා බලපු ටාරා මට එයාගෙ අත දුන්නා.

"අඳුරගන්න ලැබුන එක සතුටක් ටාරා.... ඔයා මගේ යාළුවා සුකි වගේමයි"

"ඇත්තද?"

ටාරා මගේ අත තද කරපු විදිහට මට කෑ ගැහුනා. එයා ගොඩක් ශක්තිමත් වගේ.

"ටාරා බලාගෙන.... මෙයා මනුස්සයෙක්"

සෙලීනා කලබල උනා. ඒත් ටාරා ඒක ගණන් ගත්ත බවක් පෙන්නුවෙ නැහැ. හැබැයි ටාරව දැක්කම මොකක්හරි හුරුපුරුදු ගතියක් මට දැනෙනවා.

"ඔයාට ළඟදිම මෙහෙන් යන්න වෙයි. ජිමින් ආපු ගමන් ඔයාව මෙහන් පිටත් කරයි... අනික.."

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now