🩸Chapter15🩸

29 5 2
                                    

ජිමින් ගැන කියනවනම් එයා ඇත්තටම ආඩම්බරකාර වැම්පයර් කෙනෙක්....

ඔව් ගොඩක් ආඩම්බරයි. මට මතකයි ජන්ග්කුක් මාව බිම පෙරළාගෙන හපා කද්දි එයා මං දිහා බලාන හිටපු බැල්ම!ඕහ්... පුදුම ලොකු කමක්.... ඒත් එයා කොයිතරම් ලොකු දාංගලයක් තියන පිස්සු වැම්පයර් කෙනෙක්ද කියලා මම දැනගත්තෙ මීට තත්පර කීපයකට කලින්.

විශ්වාස කරන්නත් බැහැ මම එයාව කසාද බැන්දද නැත්නම් මම මේ දකින්නේ හීනයක්ද කියලා. අනුරාගී පැය දෙක තුනක් ඊටත් වැඩිද මංදා... මගේ තුරුලෙ දඟ කරපු ජිමින් නිහඬවම ජනේලයෙන් පේන හඳ දිහා බලන් ඉන්නවා. ඒ රතු පාට ඇස් දිහා දසදහස් වතාවක් බැලුවත් , බලන හැම වතාවෙම මම එයාට අලුතින් වශී වෙනවා.

මම ඉස්සිලා සීතල පපුව උඩින් මුහුණ තිබ්බම ඇහුන හුරුපුරුදු සද්දෙට ඇත්තමයි මම උඩ විසිඋනා.

"චිමි...."

මම කෙඳිරුවා. ලොකු හුස්මක් ඇදගත්තු ජිමින් ඇස් වලින් ඇයි කියලා ඇහුවා. ජිමින්ගෙ නිරුවත් පපුව උඩ පහළ යන හැටි මම දැක්කා.

"ඔයා හුස්ම ගන්නවද?"

ටික වෙලාවක් තුෂ්නින්භූතව කල්පනා කර කර හිටපු ජිමින් ඇස් ලොකු කරන් මා දිහා බැලුවා.

"ඒක වෙන්න බෑ රියා... මං කොහොමද මේ හුස්ම ගන්නෙ? මොකක්ද මට මේ වෙලා තියෙන්නෙ?"

ජිමින් පුදුමයෙන් එයාගෙ පපුව දිහා බැලුවා. එයාගෙ හදවත ගැහෙන සද්දෙ මගේ කන් ඇතුලෙ දෝංකාර දුන්නා. ජිමින්ගෙ ඇගේ සංසරණය වෙන ලේ සුවඳ මගේ නාස්පුඩු වලට සංවේදනය උනේ ඊටත් කලින්. ජිමින් මනුස්සයෙක් වෙලාද?

"රියා මම මනුස්සයෙක් වෙලා"

ජිමින් අවසාන නිගමනය ගත්තේ ඉහින් කනින් දහඩිය පෙරාගෙන.

ඇඳුමක් දා ගත්තු මම යාළුවන්ට කතා කරලා සිද්ධිය කිව්වම මුලින් එයාලා පොලු පාරක් කාලා වගේ හිටියත් එයාලටත් ජිමින්ගෙ ඉව දැනුනා.

"චිමි.... මිනිස්සුන්ට වැම්පයර්ලා වෙන්න පුළුවන් උනත් ,වැම්පයර්ලට ආපහු මිනිස්සු වෙන්න බැහැ. මෙතන මොකක් හරි ලොකු අවුලක් තියනවා"

🩸 SWEET SCENT OF BLOOD 🩸 || PJMWhere stories live. Discover now