CHAPTER 02~

179 20 0
                                    

Taehyung හිටියේ ඔෆිස් යන්න ලෑස්ති වෙලා. සෝහොන් කිචන් එකේ breakfast රෙඩි කරන ගමන් ඉන්න විදිහ Taehyung බලන් හිටියේ මුණේ ලස්සන හිනාවක් තියාගෙන. Taehyung ආස කරා සෝහොන් ළඟ හැමවෙලාවේම තියෙන නිවිච්ච ගති ගුණ වලට. සෝහොන් මිනාට වඩා ගොඩක් අහිංසකයි. Taehyungට හරි බයයි කොයිවෙලාවක හරි සෝහොන්ගේ තියෙන අහිංසකකමට එයාට රිදෙයි කියලා. Taehyung හැමවෙලාවේම සෝහොන්ව පරිස්සම් කරේ සිනිදු මල් පෙත්තක් පරිස්සම් කරනවා වගේ. එත්....

" ලව්.."

Taehyungගේ ගැඹුරු ආදරණිය හඩත් එක්ක සෝහොන් ගැස්සිලා පිටි පස්ස බැලුවේ ආ පිට Taehyung එක්ක ආදරණිය විදිහට හිනා වෙද්දි.

" හබි විනාඩියක් දෙන්න මම ඉක්මනට කෑම ලෑස්ති කරන්නම්. "

සෝහොන් Taehyungගේ තොල් වලින් පුංචි පෙක් එකක් තියලා ආයෙත් තමන්ගේ වැඩේට අවදානය දුන්නේ Taehyung පිටි පස්සේ ඉදන් සෝහොන්ගේ ඉන වටේ අත් යවද්දි.

" මට අද ඔෆිස් යන්න හිතෙන් නෑ වගේ ලව්. "

Taehyung සෝහොනේ බෙල්ල මුල නහය තද කරේ සෝහොන් ඇස් තද කරලා වහ ගද්දි.

" හබි ~.. "

Taehyung සෝහොන්ව ඇගට තද කරගෙන සෝහොන්ගේ බෙල්ල දිගේ පුංචි පුංචි තෙත හදු තියන්න ගත්තේ සෝහොන් තමන්ගේ වැඩේත් පැත්තකට දලා Taehyungගේ හදු වලට ඉඩ දෙද්දි.

" ඕහ්.. සොරි මම දැක්කේ නෑ. "

පිටි පස්සෙන් ඇහුන මිනාගේ කටහඩ එක්ක සෝහොන් Taehyung පැත්තකට තල්ලු කරේ Taehyung හැගීම් නැති මුණකින් මිනා දිහා බලද්දි. මිනා Taehyung දිහා බලලා හිනා වුණේ Taehyungගේ පපුව හිර වෙනවා වගේ දැනෙද්දි. මිනාගේ හිනාව ඇතුලේ ඇස් ඇතුලේ තියෙන වේදනාව Taehyungට අදුර ගන්න බැරි කමක් තිබුණේ නෑ.

" මිනා good morning.."

" ම්ම්.. "

මිනා සෝහොන්ව ගණන් නොගෙන වතුර එකකුත් අරන් ලිවින් රූම් එකට ගියේ Taehyung මිනා දිහා බලන් ඉද්දී.















" ඕහ් මං දැන් එනවා. ඕකේ බායි. "

මිනා ෆොන් එක කට් කරලා සොෆා එකෙන් නැගිට්ටේ Taehyung මිනාගේ අතින් අල්ලලා මිනාව නතර කරද්දී.

THE RING 🍃✔️Where stories live. Discover now