CHAPTER 18 ~ END ♡

160 26 9
                                    

මිනා හිටියේ කාර් එක ඩ්‍රයිව් කරන ගමන්. මිනාගේ ජිවිතේ ටිකෙන් ටික වෙනස් වෙන ගමන් තිබුණා. මිනාට දැනෙන පාලුව තනිකම අලුත් දෙයක් නෙමේ ඒත් ඒ කවදාටත් වඩා මිනාට එක මේ දවස් ටිකේ තදින්ම දැනුනා. ගියේ සතියේ ජන්කුක් ආය කොරියාවට ආවේ මිනාගේ වෙනස් විම පවා එයාට හිසරදයක් වෙද්දි. ඇත්තටම ජන්කුක් හිතුවේ මිනා එයාව දැක්කාම ගොඩක් සතුටුයි වෙයි පුදුම වෙයි කියලා. ඒත් ඇත්තටම එහෙම දෙයක් වුණේ නෑ. මිනාට එක සමන්‍ය දෙයක් වෙලා තිබුණා.

" නෑ ජන්කුක් ඔයා ගෙදර එන්න මං දැන් එන ගමන්. "

මිනා කොල් එක කට් කරලා දලා ලෙකු හුස්මක් පහත දැම්මා. එයා හිටියේ ලොකු stress එකක. ඔෆිස් එකෙ වැඩ එතකොට එයාගෙ අසනිප තත්වය.. ඒ හැමදෙයක්ම තියෙද්දී මිනා එයාගේ බෙහෙත් මඟ අරින එක.... පැය භාගයකට පස්සෙ මිනා හිටියේ එයා තනිවෙලා ඉන්න මහා විශාල ගේ ඇතුලේ මිනා එද්දිත් ජන්කුක් ඇවිත් තිබුණා.

" ටාර් ටා... මේ බලු තඩියා මෙච්චර ලොකු වුණේ කොහොමද මිනා. "

ජන්කුක් Luna ගේ හොම්බ අතගාන ගමන් කිව්වේ මිනා ඕහෙ බලන් ඉද්දී. ඇත්තටම හැමොටම හොරා පුංචි Luna ලොකු වෙලා පුංචි තෙත හොම්බා දැන් තඩි කෙල්ලෙක් වෙලා.

" ජන්කුක් මට හරි මහන්සියි. "

මිනා එහෙන්මම කිසි අවසරයක් නැතුව ජන්කුක්ගේ  උරහිසට ඔලුව තියා ගත්තේ මිනා ගොඩක් වෙලා කල්පනා කරලා කතා කරපු වචන ටික ජන්කුක්ගේ පපුව පරාද්දි.

" මං ඉන්නවා නේ මිනා. මහන්සි දැනෙන හැමවෙලාවේම මගේ උරහිස උඩ නතර වෙන්න ළගදිම ඔයාට පුළුවන් ම්ම්... "

මිනා හොයන සැනසිම වෙන කාගෙවත් ළග තිබුණේ Taehyung ළග ඇර. මිනාගේ ඇස් පියවෙලා තිබුණා. එයාට ජන්කුක්ගේ වචන ගෙන ගානක් තිබුණේ නෑ.

" මිනා... "

" ම්ම්... "

මිනා ජන්කුක්ගේ උරහිස උඩින් අයින් වෙලා ජන්කුක් දිහා බැලුවා.

" හෙට පාටි එකට එනවා නේද.... "

" නැතුව මං ඇවිත් නැතුව බෑ නේ. "

මිනා ජන්කුක්ගේ කම්මුලක් ඇදලා ඉදගෙන හිටපු තැනින් නැගිට්ටා. ජන්කුක්ට ඇත්තටම මිනාගේ මේ වෙනස් හැසිරිම නිසා ගෙනවා නොසන්සුන්කමක්. ඒත් ජන්කුක් විශ්වාස කරා හෙටින් පස්සෙ හැමදේම වෙනස් වෙයි කියලා. සමහරවිට මිනාට අලුත් බැදිමක් හම්බුණොත් මිනා අවංකම හිනාවෙයි මිනාට නොලැබුන ආදරේ හම්බෙයි කියලා ජන්කුක් විශ්වාස කරා. ඔව් හෙටින් පස්සෙ හැමදේම වෙනස් වෙයි ඒත් ජන්කුක් හිතපු විදිහට නෙමේ.

THE RING 🍃✔️Where stories live. Discover now