CHAPTER 17 ~

142 27 5
                                    

රෑට එහෙන් මෙහෙන් බඩපුරව ගත්ත මිනා රූම් එකට ආවේ එයාගේ බෙහෙත් ටික ගන්න. එයා බෙහෙත් බොන්න කොච්චර අකමැති වුනත් මේ එක බෙහෙත් පෙත්තකින් මිනාට ලොකු සහනයක් දුන්නා. මුලු ගෙදරම තිබුණේ නිහඩතාවයක්. මම් ගියත් මිනාට එක ෆොන් කොල් එකක්වත් අරන් තිබුණේ නෑ. ඒ හැම එකකටම හරියන්න ජන්කුක්ගේන් Taehyungගෙන් මිනාට ෆොන් කොල් වැහි වැහැලා ආවා. ඒත් ඇයි Taehyungගෙන්... මොකක් හරි හේතුවකට Taehyung මෙහෙම එයාගෙන වද වෙන එක මිනාට ගෙනාවේ ලොකු මනසික පිඩනයක්.

" හලෝ මම්. නෑ මං ඒ ටික බලන්නම්. "

" ම්ම් හරි. "

දවස් දෙකකට පස්සේ මම්ගෙන් ආපු කොල් එක. මිනා ලොකු හුස්මක් පහත දලා එයාගේ ලැප් එක අතට ගත්තේ කම්පැනි එකෙ වැඩ වාගයකට. මිනා අන්තිමේදි කැමති වුණා මම්ගේ කම්පැනි එක භාර ගන්න. අඩුම වැඩ එක්ක බිසි වෙද්දි එයාගේ ඔලුවට එන විකාර එකෙන්වත් නැති වෙලා යයි කියලා මිනා විශ්වාස කරා. ඇද උඩ වාඩි වෙලා ෆයිල් ගොඩක් එක්ක කාර්යබහුල වෙලා හිටපු මිනා පැයක් දෙකක් නෑ තුනක් එක දිගට ඇහැරගෙන වැඩ කරා. මේ වෙද්දි ලොකු වැස්සකුත් පටන් අරගෙනමයි තිබුණේ. ලොකු හුස්මක් පහත දාපු මිනා ලැප් එක වහලා දලා ඇදෙන් නැගිටින්න හැදුවත් ඒ එක්කම මුලු ගෙදරම අදුර වෙලා ගියේ ලොකු අකුණකුත් ගහන ගමන්. මිනාව සැරෙන් සැරේ ගහන අකුණු එක්ක ගැස්සිලා යන්නෙ මිනා ඇදේ කොණක ගුලි වෙද්දි හේතුවක් නැතුවම ඒ ඇස්වල කදුළු පිරිලා. එකපාරට මිනාගේ මතක අස්සෙ අපහැදිලි ජායාරූප පෙන්න ගත්තෙ මිනා ඇස් තද කරලා වහ ගද්දි. මිනාගේ ඔලුව පැලෙන්න තරම් වෙදනයි. ඔලුව බදාගෙන වකුටු වෙලා හිටපු මිනා අනිත් පාර ෆොන් කොහොමහරි අතට ගත්තේ හොයන් බලන්නෙ නැතුව කොල් ලිස්ට් එකෙ උඩුම තියෙන නම්බර් එකට කෝල් එකක් ගන්න ගමන්.

" මිනා.. "

" Taehyung අනේ... අනේ මගේ ඔලුව... Taehyung මට බයයි please එන්නකො..."

" මිනා බේබි ඔයා...මිනා... "

මිනාගේ අතින් ෆොන් එක අත ඇරලා බිමට වැටුනේ දරා ගන්න බැරි විදිහට මිනාගේ ඔලුව රිදෙන්න ගද්දි. මිනාගේ බොඳ වුණ මතක අස්සෙ ඉන්න පුද්ගලයා කවුද කියන්න මිනාට කිසි තෙරුමක් තිබුනේ නෑ. එන්න එන්න වැස්ස වැඩි වුණා මිසක් අඩු විමක් තිබුණෙ නෑ.

THE RING 🍃✔️Where stories live. Discover now