CHAPTER 11~

161 22 2
                                    

Taehyung හිනාවෙලා සෝහොන්ගේ ලිප්ස් පෙක් කරලා තුරුලට ගත්තා. සෝහොන්ගේ ඩැඩ් මිනාගේ step father හිනාවෙලා Taehyung දිහයි මිනා දිහයි බලන් හිටියා. Taehyungගෙයි සෝහොන්ගෙයි wedding anniversary එක වෙනුවෙන් අද සෝහොන්ගේ ඩැඩ් සෝහොන්ව බලන්න ඇවිත් තිබුනා. මිනා දැන් ටිකකට කලින් Taehyung සෝහොන් දෙන්නා කපපු කෙක් එක දිහා ඕහෙ බලන් හිටියා.

" සෝහොන් දුව මම් කතා කරාද. "

" ඔව් ඩැඩ් මම් පුලුවන් ඉක්මනට එනවා කිව්වා. "

සෝහොන් Taehyungගේ තුරුලේ ඉදගෙනම ඩැඩ් එක්ක කතා කරා.

" දැන් අපේ මිනා ගෙනත් හොයාලා බැලුවානම් හරි. මට සෝහොන් කිව්වා Mr Jeonගේ පුතා ගෙන "

ඩැඩ් කියපු කතාවත් එක්ක Taehyung මිනා දිහා බැලුවා. Taehyung දැක්කා කදුළු අතරින් විටින් විට ගැස්සෙන මිනාගේ ඇස්.

" ඔයා කලබල වෙන්න එපා මිස්ටර් ලී ඒ ගෙන. මට පුළුවන් මං ගෙන බලා ගන්න."

" මිනා ඔයා ඔයාගේ ඩැඩ්ට කතා කරන්නේ ඕහොමද. "

" හහ් ඩැඩ්.. විකාර කියන්න එපා.  ඔයාට බෑ කවදාවත් මගේ ඩැඩ් වෙන්න. ඒ වගේම අරයටත් එහෙමයි. "

මිනා ඇස් කොනින් සෝහොන් පෙන්නලා එතනින් එන්න ආවේ නපුරු විදිහට හිනාවෙන ගමන්.

" ඩැඩ් මිනා තාමත් ඉස්සර වගේමයි. තවමත් පොඩි ළමයෙක් වගේ හැසිරෙන්නේ. "

සෝහොන් කිව්වාම ඩැඩ් කරේ ඔලුව වනපු එක විතරයි.  මිනාගේ මම් සෝහොන්ගෙ ඩැඩ්ව මැරි කරපු දවසේ මිනා තමන් ළග අඩපු විදිහ Taehyungට මැවිලා පෙනුනා. මිනා කවදාවත් කැමති නෑ තමන්ගේ දෙයක් තවත් කෙනෙක් එක්ක බෙදා ගන්න. මම්ගේ සතුට වෙනුවෙන් මිනා ඒ හැමදෙයක්ම වෙනකම් බලන් හිටියත් මිනා හිටියේ ගොඩක් හිතේ වේදනාවකින්. මිනා ආදරය ළග මොන තරම් පොඩි එකෙද්ද කියන්න Taehyung හොඳටම දන්නවා. එහෙම එකෙ Taehyung නැති වේදනාව මිනා කොහොම දරා ගන්න ඇතිද.

























Taehyung තමන්ගේ රූම් එකට යන ගමන් හිටියත් මිනාගේ රූම් එක ඇතුලෙන් ඇහුන සද්දෙත් එක්ක Taehyung හිතන්නවත් වෙලාවක් නොදි මිනාගේ රූම් එක ඇතුලට ගියා. මිනාගේ රූම් එක ඇතුලේ සී සීකට විසිරිලා තියෙන බඩු දැකලා Taehyungගේ ඇස් උඩ ගියා. මුලු කාමරයම අදුරෙ ගිලිලා තිබුණා. ජනෙල් කවුළු අතරින් කාමරයට හඳ එළිය වැටිලා තිබුණා. කාමරයේ මුල්ලකට වෙලා ගුලිවෙලා අඩන මිනාව දැකලා Taehyungගේ හදවත ගැස්සිලා ගියා. Taehyung දුවලා ගිහින් මිනාව නැගිට්ටවලා ඒ සැනින් තමන්ගේ පපුවට තුරුල් කර ගත්තා.

THE RING 🍃✔️Where stories live. Discover now