CHAPTER 04~

166 19 1
                                    

Taehyung දැන් පැය ගානක් තිස්සේ ඉදලා බලන් හිටියේ කුකිගේ අතේ එල්ලිගෙන shopping mall එක වටේම ඇවිදින මිනා දිහා.

" හබි... "

" කියන්න ලව්.. "

" මිනා අද ගොඩක් සතුටින් ඉන්නේ දැක්කාද එයාගේ හිනාව. "

සෝහොන් Taehyungගේ අතෙ එල්ලිලා කිව්වේ Taehyung මිනාගේ අතින් අල්ලගෙන ඉන්න ජන්කුක්ගේ අත දිහා බලන් ඉද්දී.

" මොකද තමසේ ඇඹරෙන්නේ... "

ජන්කුක් මිනාගේ අත අල්ලගෙන එහාට මෙහාට කැරකෙන විදිහ නිසා මිනා කෑ ගැහුවා.

" එයි මිනා අර බලනවා.. අර අර ඉන්නේ මගේ පරණ කැල්ල. "

ජන්කුක් එයාලාට ටිකක් එහායින් ඉන්න ටිකක් උස ගෑණු ළමයෙක් පෙන්නුවේ මිනාගේ කට ඇද වෙලා යද්දි.

" ඊයා ඕයි තමසේගේ ඇස් පෙනුනේ නැද්ද ඒ කාලේ.. "

" නැති හින්දා තමා ඕයි කියන්නේ... "

" මොනා වෙලාද එයා ඔයාව දලා ගියේ "

මිනා කට ඇරගෙන ජන්කුක්ගේ ex දිහා බලන් ඉන්නවා දැකලා ජන්කුක් ඇස් කැරකුවා.

" ආහ් එක ලෙසියි එයාට මට වඩා සල්ලි තියෙන කොල්ලෙක් හම්බුණා ඊට පස්සේ මාව අත ඇරියා. හැබැයි වැඩේ කියන්නේ ආයෙත් මගේ පස්සෙන් ඒ හොන්තුව එන එක. "

මිනා ජන්කුක්ට රවලා ජන්කුක්ව ඇදගෙන ඒ කෙල්ල ළගට ගියේ ජන්කුක් මිනාගෙන් ගැලවෙන්න උත්සහා කරද්දී.

" කොහෙද ඔය යන්නේ. "

" කටවහගෙන මම කරන දේ බලාගෙන ඉන්නවා. "

මිනා කටකොනින් හිනා වුණ විදිහ ජන්කුක්ට වැඩිය ඇල්ලුවේ නෑ.

" අනේ බබා මට මෙච්චර බඩු ගොඩක් මොකටද.. "

මිනා බලෙන්ම ජන්කුක් අතට ඇදුම් වගයක් දිලා එක මිනා දෙනවා වගේ පෙන්න කෑ ගැහුවේ මිනිස්සු හැමොම වගේ එයාලා දිහා බලද්දි.

" මිනා මේ විකාරේ නවත්තනවා. "

ජන්කුක් මිනාගේ කනට කරලා කිව්වේ මිනා බොරුවට හිනා වෙද්දි.

THE RING 🍃✔️Where stories live. Discover now