CHAPTER 07~

164 24 4
                                    

මිනා මුණට වැටෙන ලා හිරු එළියත් එක්ක ඇස් ඇරියේ මුලු කාමරයම පුරාම එළියට වැටිලා තියෙද්දී.

" Good morning.. ඔයා දැනටමත් බෙහෙත් බොන්න පරක්කුයි මිනා. "

තමන් ඉස්සරහා හිටගෙන ඉන්න Taehyung දැකලා මිනාගේ ඇස් ලොකු වුණා. උදේම Taehyung මිනාගේ කාමරෙ. මිනාට ඊයෙට වඩා ඇඟට පණක් තිබුණා. මිනා ඇදේ headboard එකට ඔලුව හේත්තු කරන් Taehyung දිහා බලන් හිටියා.

" සෝහොන් එනකම් මට ඔයාව හොඳට බලා ගන්න වෙනවා. "

Taehyung එකපාර කියලා දාපු වචන එක්ක මිනා කරේ කටකොනින් හිනා වුණ එක.

" මම පොඩි ළමයෙක් නෙමේ මිස්ටර් කිම්. මට මං ගෙන බලා ගන්න පුළුවන්. "

මිනා Taehyungව ගනන් නොගෙන ෆොන් එක අතට ගත්තේ bed table එක උඩ තියෙන Taehyung හදලා තියෙන කෑම දැකලා මිනා මුණ වෙනස් වෙද්දී. ඉස්සර හැමදාම වගේ Taehyung මිනාට කෑම හදලා දුන්නා. මිනාට කොච්චර කිව්වත් කෑම හදන්න පුරුදු වෙන්න කියලා මිනාට ඕන වුණේ Taehyung අතින් හදන කෑම කන්න. මිනා කෑම දිහා බලාගෙන ලාවට හිනා වුණා.

" මං ඔයාට වොශ් එකක් දාන්න උදව් කරන්නම්.. ආහ්ම්.. "

" ඕනෙ නෑ මට තනියම පුලුවන්. "

මිනා Taehyungව ගනන් නොගෙන bathroom එක ඇතුලට ගියේ Taehyung ලොකු හුස්මක් පහත දාද්දී. Taehyungට ඕනෙ නෑ මිනා ඉස්සරහා අදුරන් නැති, තරහා කාරයෝ වගේ හැසිරෙන්න. අඩුම Taehyungට මිනා ළග ඉන්න ඕනෙ එයාගේ යාළුවෙක් වගේ. ආදරෙ කරපු දෙන්නෙක්ට යාලුවෝ වෙන්න බෑ ~..
























" මේක බොන්න. "

Taehyung මිනාට වතුර විදුරුව දික් කරාම මිනා වතුර විදුරුව අතට ගත්තා. මිනා කොච්චර කිව්වත් එයා තනියම කන්නම් කියලා Taehyung මිනාට බලෙන්ම කෑම කැව්වා.

" ඔයා එකපාරට අසනිප වුණේ ඇයි? "

Taehyung මිනා අතට. බෙහෙත් ටික දෙන ගමන් ඇහුවා.

" එයා අසනිප වෙන්න හේතුව ඔයා මිස්ටර් කිම්. "

" කුකි "

ජන්කුක් මිනාගේ රූම් එක ඉස්සරහා හිටගෙන හිටියා. ජන්කුක්ගේ අතේ තියෙන කෑම පාර්සල් දැකලා මිනාගේ කටට කෙල ඉනුවා. මිනා දන්නවා ජන්කුක්ට හොඳට උයන්න පුළුවන් කියලා.

THE RING 🍃✔️Where stories live. Discover now