CHAPTER 12~

164 23 4
                                    

" ආශ් සෝහොන් ඇයි ඔයා මිනාව දවස් දෙකකට හරි ජන්කුක්ගේ ගෙදර යැව්වේ."

" හබි ඇයි මේ... මං කිව්වේ මිනාමයි එහෙ යන්න ඕනේ කිව්වේ. අනික එයා ජන්කුක්ගේ ගෙදර නෙමේ ට්‍රිප් එකක් ගියේ. "

Taehyung කොණ්ඩෝ පිටි පස්සට කරලා ලොකු හුස්මක් පහත දැම්මා. ඔෆිස් ඉවර වෙලා ගෙදර ආව ගමන් Taehyungට අහන්න හම්බුණේ මිනා ජන්කුක්ගේ ගෙදර ගිහින් කියන එක. සතියක් ගෙවිලා ගියේ මිනා පුලුවන් තරම් Taehyungව මඟ අරිද්දි.

" ඔයාට තිබුණා එයාව නවත්තන්න. "

" මංවත් මෙච්චර වදනොවි ඇයි හබි ඔයා මිනා ගෙන මෙච්චර වද වෙන්නේ. "

සෝහොන්ගේ වචන එක්ක Taehyungගේ කට නිකම්ම වැහුනා. Taehyung කතාව වෙන පැත්තකට හරවන්න ක්‍රමයක් මතක් කරා.

" ලව් එහෙම නෙමේ. ඔයා දන්නවා නේ මිනාව අපි බලා ගන්න ඕනේ ඒ නිසයි මම කිව්වේ. එකෙන් වැඩක් නෑ. මට හොඳටම බඩගිනියි. "

Taehyung හිනාවෙලා සෝහොන්ගේ කරවටේ අත දාගත්තේ සෝහොන් ලාවට හිනා වෙද්දි.






















" ශිට්... මං කියන දේ අහනවා මිනා. මේ දැන්ම ගෙදර එනවා. "

Taehyung සෝහොන්ට ඇහෙන් නැති වෙන්න මිනාට ෆොන් එකෙන් කෑ ගැහුවේ අනිත් පැත්තෙන් මිනා සද්දෙට හිනා වෙද්දි.

" මට බෑ. මං ඇයි ඔයා කියන දේ අහන්නේ. "

" තමසේ මේ ගමන මගෙන් අහලා නෙමේ අවේ මිනා. "

" හහ් තමුන්ගෙන් අහලා ගමන් බිමන් යන්න තමුන් මගේ කවුද Taehyung. "

" කටවහ ගන්නවා මිනා. දවස් දෙකක් තමසේ ඔය මිනිහා එක්ක මොකද කරන්නේ කියනවා මිනා. "

" ඕහ් Taehyung මං ඔයාගේ වයිෆ්ට කියලා ආවේ මං ආවේ ට්‍රිප් එකක්. අනික මේතන ජන්කුක් විතරක් නෙමේ ඉන්නේ. "

" මිනා මං තමුන්ට එක සැරයක් කිව්වා මේ දැන්ම ගෙදර එනවා. "

Taehyungගේ තරහින් පිරුණු කටහඩ ඇහුනාම මිනාගේ කටකොනේ හිනාව තවත් වැඩි වුණා.

" මිනා මොකද කරන්නේ මේහෙ එන්න බේබි.. "

" පොඩ්ඩක් ඉන්න ජන්කුක් "

THE RING 🍃✔️Where stories live. Discover now