CHAPTER 05~

158 26 10
                                    

" ලව් එයා එන වෙලාවක එයි ඔයා ගිහින් නිදා ගන්න. "

" හබි ඔයා එහෙම කිව්වට මට එහෙම කරන්න බෑ. මිනා කියන්නේ මුරණ්ඩු ළමයෙක්. මං දන්නවා මිනා ලොකුයි ඒත් එයා මාම් ළඟ හුරතලෙට හැදුණ කෙනෙක්.. එයා..එයා.. මට තෙරෙන් නෑ හබි.."

සෝහොන් Taehyungගේ පපුව අස්සේ මුණ හංග ගත්තා. දැන් වෙලාව රෑ 11 විතර ඇති තාම මිනා ගෙදර ඇවිත් තිබුණේ නැති නිසා සෝහොන් හිටියේ බයෙන්.

" මිනා මට ගොඩක් වෛර කරන්නේ මම මාම්ව එයාගෙන් උදුර ගත්ත නිසා. එහෙම බැලුවොත් එයා මට එහෙම කරන එක සාධාරණයි.. මොකද මිනාට පොඩි කාලේ ඉදලා ළගින් හිටියේ එයාගේ මාම් විතරයි."

සෝහොන් Taehyungගේ පපුවට තුරුල් වෙලා වේදනාවෙන් කතා කරන දෙවල් Taehyung හොඳට අහගෙන හිටියා.

" එහෙම බැලුවොත් ඔයාත් හරි ලව්. මොකද ඔයාටත් පොඩි කාලේ ඉදලා ළග හිටියේ ඩැඩ් විතරයි ! "

" එක වෙනස් හබි. "

" මං හැමදාම කියනවා ලව්. ඔයාට විතරක් වැරැද්ද පටව ගන්න එපා. "

" හබි ඒත්.."

" ආශ් අත අරිනවා මට තනියම යන්න පුළුවන් "

Taehyungගේ සෝහොන්ගේ කතාව මඟ නතර වුණේ දොර ළගින් ඇහුන මිනාගේ කෑ ගැහිල්ල නිසා.









" ආශ් මිනා තමසේ වැටෙයි.. "

" හහ් වැටෙන්න.. මම එහෙම ලෙසියෙන් වැටෙන කෙල්ලෙක් නෙමේ. "

ජන්කුක් මිනාව අල්ල ගන්න පස්සෙන් එද්දි මිනා වැනි වැනි ඉස්සරහට ඇවිදන් ගියේ ජන්කුක් මිනාගේ බෑග් සෙරෙප්පු අතින් කටෙන් එල්ලන් එද්දි.

" මිනා මොකද මේ !! "

Taehyung මිනා ළගට ඇවිදගෙන ආවේ සෝහොනුත් ඒ පස්සෙන් එද්දි.

" මගේ boyfriend මටත් නොකියා වෙන ගෑණියෙක් මැරි කරලත් කිසි දෙයක් නැතුව නොවැටි හිටපු ගෑණු ළමයෙක් මම හරිද.."

මිනා වැනි වැනි ගේ ඇතුලට ඇවිදන් එන දිහා Taehyung බලන් හිටියේ අත මිටිමොලවගෙන.

" ආහ් මිසිස් කිම්.. මහත්තවාව හොදට බලා ගන්න ඕනේ හොදද.. ඔයාට බැරි නම් මට පුළුවන් ඔයාගේ මහත්තයාව හොඳට බලා ගන්න.. "

THE RING 🍃✔️Where stories live. Discover now