CHAPTER 06~

148 22 0
                                    

" Good morning tae. "

මිනා උණු කොෆි විදුරුවක් Taehyungට දික් කරලා ලස්සනට හිනා වුණා. Taehyung මිනාව ගනන් නොගෙන ඉස්සරහා බලාගෙන හිටියා.

" මං එක්ක තියෙන තරහා කොෆි එක පිටින් යවන්න එපා Taehyung. "

" තමුන් හිතන්න එපා මගේ වයිෆ් ගෙදර නැති ටිකේ එයාගේ තැන ඔයාට ගන්න පුළුවන් වෙයි කියලා. "

Taehyung කටකොනින් හිනා වුණාම මිනා අහිංසක, අසරණ විදිහට හිනා වුණා.

" හරියට බැලුවොත් මම නෙමේ එහෙම කරලා තියෙන්නේ එයයි මගේ තැන මගෙන් උදුර ගෙන තියෙන්නේ.. මම හරි නේද Taehyung. "

මිනා බිදුණු හඩකින් කතා කරාම Taehyung මිනා දිහා බැලුවා.

" මං ඔයාට කියලා තියෙනවා මිනා සෝහොන් මේ කිසි දේකට සම්බන්ධ නෑ. අනික් එක එයා මේ වෙනකම් දන් නෑ අපි අතර තිබුණ සම්බන්ධේ. "

Taehyung මිනාගේ ඇස්වල පිරෙන කදුළු දිහා බලන් කතා කරා. මිනාගේ ඇස්වල කදුළු දකිද්දී Taehyungගේ පපුව පිච්චිලා ගියා.

" ඇයි වෙනස් වුණේ Taehyung ... අපි ආදරේ කරා නේ !.."

මිනාගේ වේවුලන කටහඩ ඇහෙද්දි Taehyungගේ පපුව හිරවිගෙන ආවා. Taehyungට අහපහු හැරෙන්න බෑ.. ඒ වගේම Taehyungටවත් හරි අවබෝධයක් තිබුණේ නෑ තමන් මේ කරන දෙවල් ගෙන.   Taehyung මිනාගේ අහංකාර ඇස්වලට, මිනාගේ කියුට් හැසිරීම් වලට, මිනාගේ කලු පාට බෝල ඇස් වලට , මිනාගේ ලා රෝස තොල් වලට හිතා ගන්න බැරි තරම් ආදරේ කරා. ඒත් හදා ගන්න බැරි වැරදි ගොඩක් දෙන්නා අතින්ම සිද්ධ වෙලා තිබුණා.

"මං කිව්වා මට එකට හේතු තිබ්බා කියලා මිනා. "

" එහෙම කියන්න ඔයාට හරි ලේසි Taehyung.."

මිනාගේ ඇස්වල දියවෙන කදුළු බිංදු දෙක තුන Taehyungට පිහි තුඩක් වගේ. Taehyung මිනාගේ කදුළු වලවෛර කරා ඒත් දැන් Taehyung ඒ කදුළු වලට හේතු වෙලා.

" මං මැරෙයිද Taehyung.."

මිනා Taehyungගේ පපුවට තුරුල් වුණේ Taehyung ගැස්සිලා යද්දි. Taehyung කිසි දෙයක් නොකර ඉස්සරහා බලන් හිටියේ Taehyungගේ අත් හිනියට වේවුලද්දි.

THE RING 🍃✔️Where stories live. Discover now