සයවන ස්වරය ♥

538 38 25
                                    


"Gale mein laal taai,
ghar mein ek chaar paai
Takiya ek aur hum do
ek hi hai razaai
Sardi kaise jaayegi,
kaho kaise hamein neend aayegi "

ඩින්කි චිකා ඩින්කි චිකා...ඕයේ......කැරකිල දෙකට නැමිලා බඩ මිරිකලා බුරුය හපලා...

ආයෙත් කියන්න ගොන් බබා ඒක...නෑ එක්කො ඕනෙත් නෑ
හුම්.

හම් තුම්හාරේ හේ සනම් ෆිල්ම් එකේ සින්දුවක් දාලා තියෙන්නෙ බස් එකම උඩ යන්න..බෙලා සුලාකේගේ කටහඩට මධුරි ඩික්ශිත් නටනවා ආය දෙකට කැඩෙන්න..මධුරි..dhak dhak girl of bollywood...මධුරිව බෙදාගන්න බැරුව ශාරුක් ඇන්ඩ් සල්මාන් සීතල යුද්ධෙක..මේ සේරම මැද ඉස්සරහ ශීට් එකට කකුලත් තියන් මන් ශපාන් එකේ අඩ නින්දේ...මරු...ආ සැප සැප සැප...ම්ම්ම්හ්හ්හ්..

පොඩ්ඩක් හෝව්..ඔයාලා බලනව ඇති නේද මම මේ බස් එකක් අස්සෙ අහවල් ඇටකිරිඥ්ඥාවක් කරනවද කියලා...

මා පුතාට කියන්න මම මේ ඉන්නෙ පානදුර මාතර හයිවේ බස් එකක..මම අද යනවනෙ ඒයි මගෙ පැංචව බලන්න , පිස්සුද ඩාලිං...සින්හල අවුරුද්දට ඇඳුම් ගන්න යන්නෙ...හුම්...අපේ ගෙදරින් අවසර ගත්තෙනම් ඒම කියලා...ඒත් ඇත්තටම යටි අරමුන අර ගස් ගෙම්බාව බලන්න යන එක තමා...අම්මා අවුරුද්දට ඇඳුම් ගන්න දුන්නු සල්ලිත් අරන් මම කොලොම්තොටට නැව් නැග්ගා කියහන්කො...සොරි කරෙක්ශන්...කොලොම්තොටට බස් නැග්ගා..

වෙනදා ඉඳලම අවුරුද්දට ඇඳුම් ගන්න කොලබ එන එක අපේ පුරුද්දක්...ඒ නිසා ලොකු කේස් එකක් නැතුව පර්මිශන් ගන්න පුලුවන් වුනත් අම්මලා කිව්වෙම එයාලත් යන නිසා තව සති දෙකක් විතර ඉවසන්න කියලමයි...ඒ වුනාට අපි සැලුනද මිත්‍රවරුනි...එකෙන්ම නෑ නෙවෙයි ඔව්...පොඩ්ඩක් විතර සැලුනා...ඒත් මම මගෙ යක්ශාරූඩ මොල රාජයාට සුලි සුළඟක් වගේ ආවා අයිඩියා එකක් දාලා තව සති දෙකක් යද්දි ඇඳුම් තේරිලා , හොඳ ඒවා නැති බව කිය කිය පානදුරාවය, සොරි මාතරාවාදය කිරීමෙ ප්‍රථිඵලයක් ලෙස තමා මම දැන් බස් එකේ ඉන්නෙ...කෝමද ටිකිරි මොලේ.

මම ඉතින් දැන් මේ මධුරිත් එක්කම ඉමදූව එක්සිට් එක පහුකලා ..

ඔහෙලට කියන්නත් දෙයක් තියේ...හැබැයි කාටවත් කියන්නෙපා...ඒක රහසක්..

තත් 🔞Where stories live. Discover now