අටවන ස්වරය ♥ 🔞

1.3K 49 15
                                    

"මද පවන මොටද ඔබේ සුවඳ මුසුවී නැත්නම්
සඳ කිරන මොටද ඔබ මගෙ තනියට ළඟ නැත්නම්
හෙළි කරමි මගේ ළඟ ඇති ආදරයේ වත්කම්
පැල්පතද මට හොඳයි මිහිරියෙ එක හිත ඇත්නම්

කල් ගෙවා දෙනෙත් පොපියා ඔබ ගැනම පියකතේ
කල්පනා කල පමන මට කල්පනාවක් නැතේ
ඇඳිරියෙද මැනික හඳුනන ඇස් දෙකක් මට ඇතේ
එනු මැනවි රස බලමු සෙවනක එක ම පැල්පතේ. "

ඇයිද කියන්න දන්නෙ නෑ...මගෙ අත් අතරට ගුලිවුනු වස්තුව දිහා බලාගෙන ඉද්දි මට මිමිනුනු පද තමා මේ...පැයකටත් වඩා මන් එක්ක ඔට්ටු වෙලා මගෙන්ම ප්‍රෝටීන් ශේක් බීපු මගෙ සුට්ටම් බට්ටිච්චාට මගෙ තුරුලෙම නින්ද ගිහින්...අමාරුවෙන් කෙඳිරි ගගා මගෙ පපුව උඩට ආවා එයාගෙ කොන්ඩෙ අතරින් මගෙ ඇඟිලි යැව්ව සනීපෙටම එයාට නින්ද යන්න ඇති.

කාටද කියන්න පුලුවන් හදවතට දැනෙන මේ හැඟීම් බොරුයි කියලා...මන් එයා ඇතුලෙ එහෙ මෙහෙ වෙන වාරයක් පාසාම එයාගෙ ඇස් වල තිබ්බෙ රාගයටත් වඩා මන් ගැන දැනුනු අපරිමිත ආදරේ කියලා...කව්ද අහන්නෙ කොල්ලො කොල්ලො මොනා කරන්නද කියලා...කව්ද අහන්නෙ මෝල්ගස් හැප්පුනාට පිටි කෙටෙනවද කියලා...අනේ බෞකාපන් උට්ටෝ...අපි දැන් කොටපු කෙටිල්ලේ හැටියට කෙල්ලෙක් වුනානම් එයා මේ වෙද්දි බඩින්...හුම්

මම දන්නෙ නෑ ලන්කාවෙ මිනිස්සුන්ට දෙන්නෙක් ආදරේ කරනවා කිව්ව ගමන් උන් දෙන්නගෙ හැමිනිල්ලක් මතක් වෙන්නෙ ඇයි කියලා...ඇයි බන් ලන්කාවෙ මිනිස්සු හිතන් ඉන්නෙ බඳින්නෙ උක් කන්නයි , ළමයි හදන්නයි කියලා...ඔය අස්සෙ ආදරේට ඉඩක් ඇත්තෙම නැද්ද බන්...

එක්කො උඹලා ඉඩ දියව්...නැත්නම් තියාගනිව්...මම මගෙ කොල්ලට ආදරෙයි...ඌ මගේ...
දෙන්නෙක් එකිනෙකාගෙ බැඳෙන්නෙ හදවතින් මිසක් අහවල් එකෙන් නෙවෙයි යකුනේ...පම්කේ සංස්කෘතිය...දන්නවද මට වෙලාවකට හිතෙනවා ලන්කාව , ඉන්දියාව රටවල් වල ඉපදෙන්නෙ ගිය ආත්මෙ සත්තුන්ව එහෙම හිර කරන් හදපු මිනිස්සුද කියලා...
ඇයි යකෝ මේ ලබ්බෙ සංස්කෘතිය කියන්නෙම හිරගෙයක්නෙ..

තත් 🔞Where stories live. Discover now