විසිඅටවන ස්වරය ❤️

308 15 70
                                    

"මගේ කඳුලු වැල් ඔබට සිනා රැල්
මගේ සුසුම් වැල් ඔබට පවන් රැල්

ප්‍රේමය මල් සුවඳක් සේ හමා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මන්
මෙවන් චන්ඩ මාරුතයක් වී
හැඟුම් පියාපත් සිඳී කියා

ප්‍රේමය සඳ එලියක් සේ ගලා ආ දිනේ
කෙලෙස සිතන්නද එය මන්
මෙවන් රුදුරු ගිනි දැල්ලක් සේ
සිතුම් වලාවන් දවයි කියා"

හැමදේම ලස්සනට ගලා ඇවිත් එකතැනකදි නැත්තටම නැතිවුනාම කොයිතරම්නම් දුකක් වේදනාවක් දැනෙනවද...ස්වර්ගයක් කියලා ළඟට ගත් හදවතම මිහිපිට නිරයක් මවාතියා ගියොත්...

දැනිලා තියෙනවද හැඟීම් දාහක් පිරිලා තිබුනු හිතක් එකසැරේම හිස් වෙද්දි දැනෙන වේදනවා...දැනිලා තියෙනවද තමා වටේ දාහක් දෙනා උන්නත් උබ තනිවෙලා කියලා දැනෙන වේදනවා...වෙනදා ආදරනීයව හැඟීම් පිරිලා තිබුනු කටහඬවල් අද කිසිම හැඟීමක් නැති බොල් හඬින් තමන්ට කතාකරද්දි දැනෙන වේදනාව...ආදරේ උපරිමෙන්ම විඳලා හරි ඉක්මනින් ඒ ආදරේ තමන්ගෙන් ඈත්වෙනවා , තමන් නැතුව ජීවත් වෙන්න පුරුදුවෙනවා කියලා දැනෙන වේදනාව...මේ වෙද්දි ශෙරෝන් ඉන්නෙත් ඔන්න ඔය වගේ තැනක...

ආදරෙන් ළඟට ගත්ත මාව එයා ම එයාගෙ වචන වලින් කීතු කීතු කරලා දානවා...ක්ශනික කෝපය...ඔව් ඒ ක්ශනික කෝපය...එයා අනිවාරෙන්ම මේ වචනයක් ගානේ ම පසුතැවෙනවා තරහ නිවුනම...ඒත් එතකොට මට මොකද වෙන්නෙ...මේ වචනවලින් සිදුරු වුනු පපුවට මම පැලැස්තර කොහෙන් හොයන්නද...

වචනයක් කියන්නෙ ගොඩාක් බලවත් දෙයක්...වචනයක් පිට කරන්න කලින් එකපාරක් දෙපාරක් සියපාරක් නෙවෙයි දහස් වතාවක් හිතන්න...මොකද ඒ වචනෙන් හිතක් බිඳෙන්නත් පුලුවන් , ජීවිතයක් නැතිවෙන්නත් පුලුවන් , ජීවිතයක් රැකෙන්නත් පුලුවන්....ටික දවසකින් මේ වේදනවා මටත් අමතක වේවි...ඒත් මෙහෙම වචන එයාගෙ කටින් පිටවුනා කියලා මට අමතක කරන්න පුලුවන් වේවිද...දෙවියනේ පුලුවන්නම් මට මේ මතක අමතක කරන්න මගක් හොයලා දෙන්න.

තත් 🔞Where stories live. Discover now