විසිදෙවන ස්වරය ♥

514 16 30
                                    

"මෙහෙම හොඳයිද....තව ගොඩාක් දුරට ඕනද..."

"එක පෙලට ගහන්න...ගොඩාක් දුරට ඕන නෑ...ටිකක් දුරට ගහමු.."

""හරි සුදු මහත්තයා...මෙහෙම කරන්න ඕනමද...පෝලිමේ එන්න කිව්වොත් එන එකක් නැද්ද...."

"එහෙම එන්නෙ නෑ බබා...මේ ලන්කාවනෙ...අන්තිමට පොර කාලා පොර කාලා සේරම විනාස කරලා තමා යන්නේ...ඒ නිසා මෙහෙම පෝලිමේ එන්න ලනු ඇදලා තියන්නම ඕන...."

"හරි..දැන් කීයටද බේකරියෙන් පාන් එවනව කිව්වෙ."

"පාන් ටිකනම් එවනම් කිව්වෙ හවස පහට..."

"එතකොට සීනි සම්බල."

"තාම ලූනු කපනවනෙ...අනික තවම දොලහයිනෙ වෙලාව...ඒකට වෙලාව ඇති...ඔයා කැන්ද කොළ ටිකට වතුර ටිකක් ඉස්සද..."

"ඔව් මම එන්න කලින් වතුර ඉහලා ආවෙ...මේ ඒක නෙවේ..කව්ද දැන් දන්සල ඕපන් කරන්නෙ..."

"අපේ සීයා...එයා හරිම පින්වන්ත අහින්සක මනුස්සයෙක්නෙ..."

"අනේ ඔව් අප්පා...ඔයාලගෙ සීයා හරිම අහින්සක කෙනෙක්...එයා තමා හොඳම..."

අපි දෙන්නා ඉතින් ඇල්බීසියා කනු හිටව හිටව ඒ කනු අතර ලනුපොට ඇද්දේ පෝලිම් සීමාව ලකුනු කරන්න ඕන නිසා...නැත්නම් මුන් පාන් වෙනුවට අපිව කාවි...එතකොට අපිට කන්න වෙන්නෙ පානුයි ලුකයි.

..........................................................................................................................

ඉතින් කෝමහරි හවස හය හමාර විතර වෙද්දි පටන් ගත්ත දන්සල ඉවරවෙද්දි රෑ අට පහුවෙලා තිබුනා...දන්සලේ වැඩේ හොඳින් කෙරුනා...කැන්ද කොල තමා මදිවුනේ...ඉතින් අන්තිමට සූරිය කොළවලටත් දෙන්න සිද්ධවුනා...ඉතින් අපි හෙමින් හෙමින් දන්සල තිවුනු තැන පිරිසිදු කරලා ආයෙම ගෙදර එද්දි ඉතින් තව පැයකට ආසන්න කාලයක් නොදැනිම ගෙවිලා ගිහින්.

පාරට උස්සගෙන ගිය මේසේ කාපෝච් එකෙන් තියන මගෙ ඇස් ගියේ අඹ අත්තෙ කොල අතර ඇවිලෙන ලා දම් පාට බකට් එකක් ළඟ....මේ තමා තිත්ත ඇත්ත...මොන තරම් ලස්සන වුනත් ඒ ලස්සන විනාස වෙන්න යන්නෙ තත්පර ගානයි...අද ස්අතුටින් ඉඳලා හෙට අඬන්න වෙන්න පුලුවන්...ඒ නිසා හොඳම දේ අද සතුට අදම විඳීම හෙට ගැන නොසිතා.

තත් 🔞Where stories live. Discover now