විසිවන ස්වරය ♥

270 14 15
                                    

අපේ ආදරෙ ඉස්සරහට ඉස්සරහට ගලාගෙන ගියා...මම හැමදේම වචනෙන් වචනෙ කියන්න යන්නෙ නෑ...ඒත් මේ කාලෙ ඇතුලත දෙතුන් පාරක් ආයෙ ආයෙම රත්මලානෙ දුවන්න නම් මට සිද්ධවුනා..දැන් මට ඒක ඒ තරම් ගානකුත් නෑ හැබැයි...පුරුදුවෙලා 🤣

එදා තේවත්ත පල්ලි ගිහින් ආයෙම ගෙදර එද්දි රෑ හතයි...උදේ නවයට ගෙදරින් ගිය කොල්ලනෙ ඉතින්...අම්මා පොඩ්ඩක් කච කච ගෑවා..එයා බය වෙලා එයාගෙ සුට්ටම් බට්ටිච්චව උකුශ්ශෙක් ඇවිත් ඩැහැගෙන ගීන් ඌවා කරලා කියලා...හිකිස්....මම එයාට කියන්න ගියෙ නෑ කොලඹ ගිය කතාවක්...එයාට කිව්වා විශාක්‍ය එක්ක ගමනක් ගියා කියලා...අම්මට මාව විස්වාස නිසාම අව්ලක් ගියෙ නෑ.

දවස් ගෙවුනා...ලස්සන ලස්සන දවස්ගොඩක් ගෙවිලා ගියා...ආදරේ ලස්සනට ගලාගෙන ගියා...තව ලස්සන කාලයක් නොදැනිම ඇවිත්...

"අම්මා.........අම්මාහ්හ්හ්හ්...."

"මොකද සුදු කෑගහන්නෙ ....ආ...."

"කෝ පාප්ප එක...දැන් කීයෙ ඉඳන්ද මම ඉල්ලන්නෙ....."

"ඇයි අතපය නැද්ද...ආ...මම කිව්වනෙ පිටි ඇති පිටිදාන එකේ...වතුර එනවා ටැප් එකේ...උනුකරලා හදාගන්න එකයි ඇත්තේ..."

"අයියෝ මොකක්ද අප්පා...මම මේ සව් කොල අලවනවා....මේවා වේලෙන්නත් ඕනිනෙ...එතකල් හදලා දෙන්නෙකො අනේ....ආදරෙයිනෙ මම ඔහෙට....."

"අනේ මන්දා පුතේ...උබලටයි උබලයි මහ එකාට දෙන්නටම මොන මගුලටත් මතක් වෙන්නෙ මාව...මම කතරගම දෙවියොද...මට අත් දෙකයි තියෙන්නෙ...."

"ඉතින් අනේ...තාත්තට ඔයාව නැතුව වෙන කාරුහරි මතක් වුනොත් ඔයා ඔහොම කියයි..."

"කට වහපන් සුදූ...උබලා එක්ක කතාකරලානම් දිනන්න බෑ.."

"මගෙ සුදු අම්මා...😁"

කෝමහරි බටර් ගාලා ගාලා අම්මව යැව්වා පාප්ප හදාගන්න...නංගියි මමයි එකතුවෙලා සව් කොල එකට අලවනවා...මලයා සව්කොල වලින් දම්වැල් හදනවා...හදාගතපු පාප්ප ටික ඉවරවෙන්න කිට්ටුයි දැන්...ඒකයි අම්මව ආයෙ යැව්වෙ.

"නංගී...ඔය අතට නෙවෙයි...සුදු පාට සව් කොළේ දිග අතට තියලා ඒකෙ කෙලවරට පාට සව් කොලයක් අලවන්න...එක පාටින් එහෙම මූට්ටු කරපු සව්කොල පහ ගානෙ හදාගන්න ඕන..."

තත් 🔞Where stories live. Discover now