දසවන ස්වරය ♥ 🔞

1K 34 27
                                    

"ඔයා දන්නවද අපේ උත්තර භාරතීය රාගධාරී සංගීතයේ රස ගනනාවක් තියෙනවා "

ගනනාවක් නෑ පහයි තියෙන්නෙ...බයෝවල තියෙනව නේද..අපේ කාලෙනම් තිබ්බා...දිවට සංජානනය කරන්න පුලුවන් රස වර්ග පහක්...පැනි රස , තිත්ත රස , ලුනු රස , ඇඹුල් රස , උමාමි රස.."

"කට වහනවා....මුලින් කියන එක අහන් ඉන්නවා...ඒ ලබ්බෙ රසයක් ගැන නෙවෙයි මන් ඇහුවෙ."

"කියන්නකෝ මා හිමියනි එසේනම්."

"ඔයා දන්නව ඇතිනේ...අපේ සංගීතය දුවන්නෙ රාග මත...ඔයා හිතන රාගය නෙවෙයි මේ කියන්නේ...රාගයක් කියලා කියන්නෙ ස්වර සංකලනයක්...ඒ ස්වර සංකලන රටා රාගයෙන් රාගයට වෙනස්...ඕලෙවල්ස් වලට මියුසික් කරපු ඔයා ඕලෙවල් රාග පහ නොදැන ඉන්න විදිහක් නෑනෙ.."

"අපෝ...මතකයි..බිලාවල් , භූපාලි ද කොහේ."

"ඔව්...මූලික රාග පහ තමා ඕලෙවල්ස් වලට තියෙන්නෙ...බිලාවල් , භූපාලි , කාෆි , යමන් , භෛරවී."

"ආ ඔව් ඔව්...යන්තමට මතකයි...අර මන නුවන් පිනන මේ අරුනෝදේ කියලා එකක් තිබ්බා වගේ මතකයි."

"ඔව්...ඒක බිලාවල් රාගයේ එකක්...ඉතින් ඔය රාග පහෙන් එකිනෙකට වෙනස් රසයන් තමා දනවන්නෙ... ඕකෙන් බිලාවල් භූපාලි දෙකම වීරශාන්ත රසය දනවන රාග...ඒ කියන්නෙ පොඩි ගැම්මක් එක්ක සන්සුන් හැඟීමක් තමා ඔය රාග දෙකෙන්ම දෙන්නෙ...භෛරවී භක්ති රසය දනවන රාගයක්...භක්තිය කියන දේ ඉතින් අමුතුවෙන් පැහැදිලි කරන්න ඕන නෑනෙ...භෛරවීවල භක්ති රසය නිසා ම පාරමිතා බල පූරිත පූජිත කියන සින්දුව හැදිලා තියෙන්නෙත් භෛරවී රාගය මත පිහිටලා...ඊලගට යමන් සහ කාෆි කියන රාග දෙකම ශෘංගාර රස දනවන රාග විදිහට තමා ගැනෙන්නෙ..."

ශෘංගාරය අඳුනන්නෙ නැති උන් ඉන්නවනම් චර්ම රෝග විශේශඥ්ඥ කෙනෙකුට පෙන්නලා ලාදුරු වලට බෙහෙත් ගනිව්.

"ඉතින් ඕවා අහද්දි අපිට ඒ රස දැනෙන්නෙ නැත්නම්."

"ඔව් ...ඒක වෙන්න පුලුවන්...මිනිස්සුන්ගෙ රසවින්දනය එක එක විදිහයිනෙ...කාෆි ශෘංගාර රස වුනාට ඒක භක්ති රස දනවන භජන් හදද්දි අරගෙන තියෙනවා..ඔයා අහලා තියෙනවද රඝුපති රාගව රාජා රාම්...අන්න ඒක කාෆි වලින් යන්නෙ.
මම සිතාර් එකෙන් ප්ලේ කරන එකක් ඇති...ඉන්න බලන්න තියද කියලා...ආ මෙන්න අහලා බලන්න."

තත් 🔞Where stories live. Discover now