Chapter 1

171 14 0
                                    

'නැගිටින්න..නැගිටින්න..පරක්කු වෙලා'

'අනේ තව ටිකා..ක්'

'තව පරක්කු උනොත් නෙතූව බලන්න වෙන එකක් නෑ...'

ඒක ඇහුන ගමන් කරන්ට් වැදුන වගේ නැගිටපු මම ඉක්මනට ලෑස්ති වෙන්න වොශ් රූම් එකට දිව්වා.

'නම විතරයි කියන්න ඕන නැගිටල ගිහිල්ලත් ඉවරයි..😂'

'ඒම තමා හුම්ම්...😌'

දැන් බලනව ඇති මන් කව්ද කියලා.මම ආශි රත්නායක.සාමාන්‍ය පවුලක කෙල්ලෙක්.මගේ අම්මයි තාත්තයි දෙන්නම රජයෙ ජොබ් කරන්නෙ.තව මට අක්ක කෙනෙක් ඉන්නවා.එයා නම් Teacher කෙනෙක්.මම කැම්පස් එකේ second year, Business manegment Degree එකක් කරන්නෙ.ඔය මාව නැගිට්ටවන්න කෑගහන්නෙ මගෙ දයාබර මිතුරිය වන අනුජි.මගේ බොක්ක තමා.එයත් මගෙ ෆැකල්ටියේ...
එතකොට අර කිව්ව නෙතූ කියන්නේ....👉👈

'ඒයි ඕක ඇතුලෙ පැල වෙලාද.ඉක්මනට එනවකො...'

හරිනෙ ඉතිම් මැද්දෙන් පැන්නනෙ.එයා ගැන පස්සෙ කියන්නම් ඒනම්..

'හරි හරි මේ එනවෝ...'

වෙන කෙල්ලො වගේ ඉතිම් මට හැඩ වැඩ වෙන්න වෙලා යන්නෑ.සුපුරුදු පරිදි ඩෙනිමයි,බැගී ටීෂර්ට් එකයි ඇදන් කොන්ඩෙට පෝනිටේල් එකත් දාගෙන මම ආවා...

'මොනාද අනේ මෙච්චර වෙලා කරන්නෙ...තිසුරියි,සනු අක්කයි ගියා.'

'හරි හරි අලේ..දැන් ආවනෙ.ඉක්මනට යමු...'

තිසුරි කියන්නෙත් අපේ ෆැකල්ටි එකේම කෙනෙක්.සනු අක්ක නම් අපිට වඩා අවුරුද්දක් වැඩිමල්.අපි  ඔක්කොම එකට ගෙදරක් කුලියට අරන් තමා ඉන්නෙ.

කෝමහරි අපි දෙන්නත් ඉක්මනට කැම්පස් එකට ආවා.
ආව කිව්වට ඉතිම් ගේට් එක ලගට වෙලා එයා එනකන් බලන් ඉන්නවා..🙈
මගේ තනියට ඉතිම් අනුජියත් ඉන්නවා.ඒ උනාට එයා ඉන්නෙ මගේ තනියට විතරක්ම නෙවී.නෙතූගෙ යාලුව විහගිට පැනි හලන්න...පුදුම වැඩ මෙව්වා..
ඕවට තමා කියන්නෙ යාලුවගෙ පහනින් එලිය බලනව කියලා...

'අන්න අන්න එනවා'

අනූ ඒම කියද්දිම මගේ ඇස් නැවතුනේ ලස්සනට හිනා වෙවී යාලුවොත් එක්ක කතා කර කර එන එයා ලග...
මගේ ඇස් ඒ රූපෙ දිහාම බලන් හිටියා...
දණහිස ගාවට තියෙන ගවුම..කඩාදාපු දිග කොන්ඩෙ..දගකාර ඒ ඇස්..ඒ ලස්සන හිනාව..
ඒ ඔක්කොම දිහා මම බලන් හිටියෙ වශී වෙලා වගේ..

'ඔය කට වහගනිම් මැස්සො යයි..😒'

සුපුරුදු පරිදි ඔය මැද්දෙන් පැන්නෙ අනුජියා.
එයාට ඩෝන් ගිහින්.ඔව් ඔව් එයාගෙ කෙනා එතන නෑ...😂

'උබේ කෙනා නෑ කියල මන් මොකක් කරන්නද.මට වද නොදී ඉදාම්කො..'

හනේ නෙතූ...ඔයා නම් භාවනාවක් අලේ...🙈
_____________________________________________

✍️ඔන්න පලවෙනි කොටස දුන්නා..
කතාව කොහොමද කියලා කියන් යන්න..
මොකද මේක මගේ පලවෙනි කතාව.ඒ නිසා අඩුපාඩු අනිවාරෙන් ඇති...
මුලින් කිව්ව වගේ මේක GL Story එකක්.අකමැති අය කියෙව්වෙ නැති උනාට කමක් නෑ.
නෙතූ කියන්නෙ කව්ද කියල අපි ඊලග කොටසින් බලමු..🙊
කතාව හොදයි නම් වෝට් කරන්න..😊
ඒනම් බායි ළමායි.ආදරෙයී..💞

Gap the love _ ♡♥︎♡_حيث تعيش القصص. اكتشف الآن