Chapter 5

95 12 2
                                    

'නෙතූ...?'

නෑ නෑ..වෙන්න බෑ.තාම මට විකාර පේනවද කොහෙද

'මම නෙතූ තමයි ආශි..
ඔයාට තාම හරියට සිහිය ඇවිත් නැද්ද..'

'මම මොකක්ද ඔයාගෙ ගෙදර කරන්නේ...'

ඇත්තටම මට හිතාගන්න බෑ මම ඇයි නෙතූගෙ ගෙදර ඉන්නෙ කියලා.අනික ඇයි නෙතූ මේ විදියට හැසිරෙන්නේ...

'ඔයාට දැන් තියෙන ප්‍රශ්නෙ ඒකද..මමයි ඔයාව මෙහාට ගෙනාවෙ.හරිද..
දැන් මට කියන්න ඔයා කවද ඉදන්ද ආශි මෙහෙම Drinks ගන්න පුරුදු උනේ ආ...
මොකක්ද ඒ තරමට උනේ...'

'එදා ඔයත් එක්ක හිටිය කොල්ල කව්ද..?'

එයා කේන්තියෙන් කියවගෙන යද්දි මගේ හිතේ මෙච්චර වෙලා  තිබුන ප්‍රශ්නෙ මම ඇහුවා.

'Seriously...ඇත්තටම ඒකද ඔයා මෙහෙම හැසිරෙන්න හේතුව ආශි...
අහන්න ආශි.එදා ඔයා ගියාම මට අනූව හම්බ උනා...
.
.
Flashback
.
.
'නෙතුනි මට ඔයත් එක්ක පොඩ්ඩක් කතා කරන්න පුලුවන්ද..'

'කියන්න සුරේෂ්..'

'මෙහෙමෙ නෙවී.ඔයත් එක්ක තනියම කතා කරන්න ඕන..'

'ම්ම් හරි එහෙනම් යමුකො..'
.
.
'ඔයාට මොකක්ද සුරේෂ් කියන්න තියෙන්නෙ?'

'නෙතුනි..මම මේක ඔයාට ගොඩක් කල් ඉදන් කියන්න හිතන් ඉන්නෙ...
මන් ඔයාට කැමතියි නෙතුනි..කැමතියි කියන්නෙ මන් ඔයාට ආදරෙයි..
ඔයා මොකද කියන්නෙ.මට දැන්ම උත්තරයක් ඕන නෑ..ඔයා කැමති කාලයක් ගන්න.මන් බලන් ඉන්නම්'

'අනේ sorry සුරේෂ් මන් හිතන්නෑ මට ඒක කරන්න පුලුවන් වෙයි කියලා...'

'ඒත් ඇයි නෙතුනි..?'

'අහන්න සුරේෂ් ඔයා ආදරේ කරන කෙනෙක් විතරක් නෙවෙයි ඔයාටත් ආදරේ කරන කෙනෙක්ව හොයාගන්න.'

ඒත් එක්කම මම දැක්කෙ ආශිගෙ පස්සෙන් දුවන අනූව.
ඇත්තටම මම කලබල උනා.
ආශි මාව දැක්කද...
ඇයි එයා එහෙම දිව්වෙ වගේ ප්‍රශ්න මගෙ ඔලුවෙ කැරකෙනවා.මට ඕන උනේ ඉක්මනට ආශි ඉන්න තැනට යන්න.

'Sorry සුරේෂ් මම දැන් යන්න ඕන.By..'

මම ඉක්මනට ගියත් එතන අනූ විතරයි හිටියෙ.

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now