Chapter 9

100 14 8
                                    

ටිකක් හවස් උනාම මට රෙස්ට් කරන්න කියලා නෙතූ ගියා මගෙ ඇදුම් ටිකයි,ගෙදරට ඕන බඩු ටිකකුයි ගේන්න.
අනූට කෝල් කරල කිව්වම එයා මගෙ ඇදුම් ටික හදල තියන්නම් කිව්වා.

නෙතූ ගියාම මම ඉතිම් පොඩ්ඩක් ගේ ඇතුල බල බල හිටිය.නෙතූට එයාව කවුරුවත් දැනගන්න ඕන නැති නිසා කැම්පස් එක ලගින් මේ ගෙදර අරන් දීල තියෙන්නෙ තාත්තා.
නෙතූ විතරයි ගෙදර ඉන්නෙ.
එයා තනියම ගෙදර වැඩයි කැම්පස් එකේ වැඩයි කරන් නිදහසේ ඉන්නව කියල කියන්නෙ...
නෙතූ එන්න වෙලා ගිය නිසා මම ගිහින් ටිකක් නිදාගත්තා.
.
.
.
"ආශිගෙ අත ගොඩක් හීරිලාද නෙතූ?"

"ගොඩක් ගැඹුරට හීරිලා නෑ.බෙහෙත් දාල මලකඩකාපු ඇණයක් නිසා ඉන්ජෙක්සන් එකක් විද්දා."

"ඒනම් කමක් නෑ.මෙතන සතියකට විතර ඇදුම් තියෙනවා.ඒ ඇතිනෙ.."

"ඔව් ඒ ඇති.
ඒක නෙවී..අනුජි දන්නවද ආශි බෙහෙත් විදිනවට බයයි කියලා?"

"ඇහ්...මේ අපේ ආශියා..?"

"ඔව් ඔව්..බෙහෙත් විදිනකන් ඇසුත් පියාගෙන මගේ අතින් අල්ලන් හිටියෙ.පස්සෙ මූණ දෙක කරන් හිටිය බෙහෙත් විද්ද කියලා"

"සීයකට ගහන්න වගේ ඉන්න කෙනා නේද යකූ අර පොඩි ඉන්ජෙක්සන් කට්ටකට බය වෙලා තියෙන්නෙ..😂"

"ඒකනෙ..
හරි මම දැන් යන්නම්.තව බඩු වගයකුත් ගන්න තියෙනවා.ආශි තනියම ගෙදර."

"ම්ම් පරිස්සමට..බායි"

"බායි"
.
.
.
ඕන කරන බඩුත් අරන් මම ඉක්මනට ගෙදර ආව.එහෙම්ම ඒව කිචන් එකෙන් තියලා මම ආශිව හොයන් කාමරේට ගියා.

"ආශි..."

මම කාමරේට යද්දි ආශි හොදටම නිදි.මම හිමින් හිමින් ලගට ගිහින් මූණට වැටිල තිබුන කොන්ඩ කෑලි ටික අයින් කරල එයා දිහා බලන් හිටියා.
අනේ...අනේ..පොඩි එකෙක් වගේ නිදන් ඉන්න ලස්සන.අල්ලලා පොඩි කරන්න හිතෙනවා..
මම ඇගිල්ලක් එයාගෙ මූණ දිගේ අරන් ඇවිත් තොල් වල නතර කරලා එහෙම්ම තොල් වලට නැමිලා කිස් එකක් දුන්නා...
එයා අවදි වෙලා පොඩි හිනාවක් දාල ආයෙ නිදාගත්තා.

"එහ්..ආයෙ නිදාගන්න බෑ.නැගිටින්න.ගිහින් වොශ් එකක් දාන් එන්න මම ඇදුම් ගෙනාව."

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now