Chapter 7

105 12 2
                                    

වෙනද වගේ අදත් මම උදෙන්ම කැම්පස් යන්නෙ නෙතූව බලන්න.
තියෙන එකම වෙනස දැන් දෙන්නම කතා වෙලා එන එක.

ඒත් හැමදාම ගේට් එකත් පහු කරන් එන එයා දිහා මම බලන් ඉන්නෙ මීට කලින් නොදැකපු රූපයක් දිහා බලනව වගේ...

වෙලාවකට ඔයා මගේද කියලත් හිතෙනව නෙතූ...

"බලල ඉවරද.."

"ඉතින් මන් ඔයා දිහා බලන් නැතුව වෙන කවුරු දිහා බලන්නද මැනිකේ..."

"වෙන කෙනෙක් දිහා බලලා අහු වෙන්නත් එපා හරිද මහත්තයෝ..."

"අම්මෝ...එහෙමයි..එහෙමයි..
නෝනේ...."

"අනේ මේ..විහිලු ඇති.යමු දැන්.
අද අනුජි නැද්ද?"

"එයා තව ටිකකින් වගේ එයි.
අපිට අද lectures තියෙන්නෙ ටිකක් පරක්කු වෙලා.."

අපි දෙන්න එහෙම්ම කතා කර යද්දි සුරේෂ් අපේ ඉස්සරහට ආවා.

"නෙතුනි මට ඔයත් එක්ක ටිකක් කතා කරන්න ඕන.."

"මට කියන්න තියෙන ටික මන් එදා ඔයාට කිව්වනෙ සුරේෂ්.
ඒක නිසා මන් හිතන්නෑ අපිට තව කතා කරන්න දෙයක් තියෙනව කියලා.."

"ඒත් නෙතුනි මට හේතුවක් කියන්නකෝ...මගේ වරදක් තියෙනව නම් මන් ඒක හදාගන්නම්.."

"සුරේෂ්..මට ඔයාට දෙන්න තියෙන්නෙ එදා දීපු උත්තරේමයි..
ඒක නිසා දැන් ඔතනින් අයින් වෙන්න අපිට යන්න.."

එහෙම කියල නෙතූ මාවත් ඇදන් යන්න හදද්දි අර යකා නෙතූගෙ අතින් අල්ලල එයාගෙ පැත්තට ඇදල ගත්තා.

"ආහ්...සුරේෂ් අතාරිනවා.."

නෙතූ නිසා මෙච්චර වෙලා අමාරුවෙන් හරි ඉවසන් හිටපු මගේ ඉවසීමේ සීමාව නම් පැන්න ඒ වෙලාවෙ.
මන් කෙලින්ම ගිහින් අල්ල ගත්තෙ කොලර් එකෙන්...

"මෙච්චර වෙලා පාඩුවේ හිටියම හිතන් ඉන්නෙ තමුසෙට බයේ ඉන්නව කියලද.."

"මේක තමුසෙට අදාළ නෑනෙ.පාඩුවේ ඉන්නවා.."

"අදාළ නැති එක පස්සෙ බලා ගන්න පුලුවන්..මුලින් අත ඇතෑරල ඉන්නවා.."

"මන් අල්ලන් ඉන්නෙ තමුසෙගෙ අත නෙවෙයිනෙ."

මූට මෙහෙම කියල හරියන්නෙ නැති නිසා ගැහුව අත ඇතෑරිලා යන්නම පාරක්.
හහ්...තොල පැලිල ලේත් එනවා..😏

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now