Chapter 3

105 14 2
                                    

එදයින් පස්සෙ පොඩි පොඩි කතා බහවල් එක්ක ටිකක් අදුර ගත්තට ඒම ලොකු ඇදුනුම්කමක් තිබුනෙ නෑ...
හැබැයි මගේ ඇස් එයාව හොයන එකනම් නැවතුනේ නෑ...
හැමදාම කොහොමහරි එයා ඉන්න තැනකට ගිහින් හරි එයාව බලලා එනවා.
මාත් එක්ක ඒ ගමන් ගිහිල්ලම තමා අනුජියටත් විහගිව හම්බ උනේ..

අනූ වගේම තිසුරි,සනූ අක්කත් මේ ගැන දන්නවා.
මොනව උනත් මේ වගේ සමාජෙක මාව තේරුම් ගත්ත යාලුවො ටිකක් හම්බ උන එකට මට සතුටුයි..
.
.
.
'මේ Assignment නම් එපා වෙනව අප්පා.එකක් ඉවර වෙනකොට තව එකක්..'

'ඒම තමා ඉතිම්..කැම්පස් ආවෙ නිකන් ඉදල Degree එක ගන්නද..'

'අනේ...'

'නැගිටල ඕක ඉවර කරහන්..'

මේසෙ උඩ ඔලුව ගහන් ඉන්න අනූගෙ ඔලුවට පාරක් ගහලම මම කිව්වා..

'උබට ඉතිම් අවුලක් නෑනෙ..Assignment වලට Exam වලට හොදට ලකුනු තියේනෙ උබට...'

'ඉතිම් හරකියේ නෙට්බෝල් වලම එල්ලිලා ඉන්නැතුව පාඩම් වැඩ කරහන්කො..'

'නෙට්බෝල් තමා මගේ එකම සතුට දරුවා...'

'ඇයි විහගි...?'

'හරි හරි එයත් ඉන්නවා..
මෙහ්..ඒක නෙවී,ඇයි ඔයා spot කරන්නෙ නැත්තෙ?'

'ස්කූල් කාලෙ නම් කරා.හැබැයි දැන් කරා නම් මටත් ඔබතුමීගේ සරනම තමා..😂'

'අනේ මේ...😒
කොලු භාගෙ වගේ ඉදන් උබ නොකර හිටිය නම් තමා පුදුමෙ...
ඒම නෙවී ඉතිම් සතුටු වෙන්න මොනාහරි දෙයක් කරන්න හිතෙන්නෙ නැද්ද..'

'නෙතූ තමා මගේ එකම සතුට..
දැන් කට පියන් ඔන්න ඕක ඉවර කරනවද..'

'හරි හරි ඒක කරගන්න බැරියැ...
දැන් උබ හැමදාම නෙතූ දිහා දුර ඉදන් බලන් ඉන්නද හදන්නෙ.එයාට කියන්න අදහසක් නැද්ද..'

'කියන්න නම් කැමතියි..ඒත් එයා මොකක් කියයිද දන්නෑනෙ..අනික මට එයා ඉස්සරහ කතා කරන්න බෑ අනේ.වචනත් පැටලිලා මාව වෙව්ලනවා...🥲'

'එහෙමයි කියල හැමදාම ඔහොම බල බල ඉන්නද හදන්නෙ...ඉක්මනට කරන දෙයක් කරහන්..'

'හරි හරි..දැන් මෙන්න මේ Assignment එක කරල ඉවර කරමු...'

'හ්ම්...හ්ම්...'

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now