Chapter 2

114 14 2
                                    

හනේ නෙතූ...ඔයා නම් භාවනාවක් අලේ...🙈

මම නෙතූ නෙතූ කිව්වට එයාගෙ නම නෙතුනි අමන්දා.
එයත් කැම්පස් එකේ second year එකේ..project management Degree එකක් තමා එයා කරන්නෙ.
මට නෙතූව මුණගැහෙන්නෙ අහම්බයකින්...
.
.
.
6 Month ago...
.
.
අද මගේ second year එක පටන් ගන්නව වගේම කැම්පස් එකට අලුත් Batch එක එන දවස.ඒක නිසා හැමතැනම වගේ ලමයි ඉන්නවා...
ඒ ලමයි අස්සෙන් අනුජි ඉන්න තැනට යන ගමන් හිටපු මම දුවන් ආව කෙනෙක්ගෙ ඇගේ හැප්පුනා.
හැප්පුන වේගෙට දෙන්නම බිම...🥲

'ආහ්..'

ඒ වැටුන පාර නම් මටත් රිදුනා..
රිදිල්ල එච්චර ගානක් නැතුව උරහිසත් අල්ලන් නැගිට්ට මම  බැලුවෙ හැප්පුනේ කව්ද කියලා.

'අනේ sorry..'

බිම ඉදන්ම මගේ දිහා බලන් එයා sorry කියනවා..
මන් ඉක්මනට එයාටත් නැගිටින්න උදව් කරා..
නැගිට්ටම තමා මම එයාව හරියට දැක්කෙ.එයාව දැක්කම නිකන් මට මොකක්ද උනා වගේ..ඇහි පිල්ලමක්වත් ගහන්නැතුව මම එයා දිහා බලන් හිටිය මම හිතන්නෙ.
හරි cute අනේ....
නැගිටල ඇගේ තියෙන දූවිලි පිහිද ගන්න විදියට මට හිනත් ගියා..😅

'අනේ sorry..මට lectures එකට පරක්කු නිසයි වේගෙන් ආවෙ..'

ඇහ් වේගෙන්...?
එයා ඒ දුවල නෙවී වේගෙන්ලු ගිහින් තියෙන්නෙ...🥲

වේගෙන් ඔහොම නම් දුවනකොට කොහොම වෙයිද..
නෑ නෑ කිව්වෙ නෑ.හිතුව විතරයි...😂

'අහ් ඒකට කමක් නෑ...පරිස්සමට යන්න.'

වචනත් අමාරුවෙන් ගලපගෙන මම එහෙම කිව්වෙ එයා වෙලාව බල බල යන්න හදිස්සියෙන් හිටිය නිසා..

'හරි මන් යන්නම් එහෙනම්.sorry..

එයාට හිනාවක් විතරක් දුන්න මම කලබලෙන් දුවන..ආ නෑ නෑ වේගෙන් යන එයා දිහා බලන් ඉදලා අනුජියව හොයන් ගියා...
.
.
.
'මොකද බන් හිනා වෙන්නෙ.අද උදේ ඉදලම උබේ වැඩේ හිනා වෙවී ඉන්න එක..මොකද මල් සරාවත් විද්දද...'

උදේ උන දේ මතක් කර කර හිනා වෙවී ඉන්න මන් දිහා බලන් අනූ ඇහුවා.

'මොන මල්සරෙක්ද...මට උදේ එද්දි උන දෙයක් මතක් උනා..'

'මොකක්ද උනේ..කියාම්කො'

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now