Chapter 8

100 13 6
                                    

ටිකක් උදෙන් ආපු නිසා කට්ටිය වැඩිය නෑ..
ඒ නිසා නෙතුයි මමයි නිදහසේ අත් අල්ලන් ඇවිදා...
රැල්ල පෑගුවා...
ඊට පස්සෙ ටිකකින් අපි අයිස්ක්‍රීම්තුත් අරන් එතන තිබුන බංකුවකින් වාඩි උනා.

"ආශි..මොකක්ද ඔයාට මාත් එක්ක කතා කරන්න තියෙනව කිව්වෙ?"

"අහ්...ඒක අනූ ගැන දෙයක්."

"අනූ ගැන..ඒ මොකක්ද?"

"මම ඉස්සර ඔයාව බලන්න එද්දි ගොඩක් වෙලාවට මාත් එක්ක තනියට ආවෙ අනූ...
ඔයත් ගොඩක් වෙලාවට ඉන්නෙ විහගි එක්ක."

"ඔව්..ඉතිම්..."

"පස්සෙ අනූ ආවෙ මගේ තනියට විතරක් නෙවෙයි.
විහගි බලන්නත් එක්ක."

"මොකක්..."

"ඔව්...අනූ විහගිට කැමතියි.
ඔයා දන්නවනෙ අපි දෙන්නට එකතු වෙන්නත් උදව් කරේ අනූනෙ.එයා මට මහලොකුවට ඔයත් එක්ක කතා කරන්න අරකයි මේකයි කිව්වට එයත් විහගිත් එක්ක කතා කරන්න බයයි.ඒකයි මන් හිතුවෙ විහගි එක්ක කතා කරල බලන්න.
ඒත් විහගි කියන්නෙ ඔයාගෙ යාලුවනෙ.ඒකයි මුලින් ඔයාට කිව්වෙ."

"මන් හිතුවෙ නෑ අනූ විහගිට කැමතියි කියලා.
විහගිත් අනූට කැමතිද කියල නම් මන් දන්නෑ.
ඒත් අපි දෙන්නව එකතු කරමු.
මුලින් අපි විහගි එක්ක කතා කරල ඉන්න ඕන."

"ඔව්."

"හරි මන් හෙට lectures ඉවර උනාම එයත් එක්ක පාර්ක් එකට එන්නම්.
ඔයා එතනට එන්න."

"හරි ඒනම්.."
.
.
.
නෙතූට lectures ඉවර වෙන වෙලාවට අනූටත් තනියම යන්නම් කියල මම පාර්ක් එකට ආව.
ටිකකින් නෙතූ විහගිත් එක්ක මන් ඉන්න තැනට ආවා.

"හරි දැන් මොකක්ද ඔයාල දෙන්නට මාත් එක්ක කතා කරන්න තියෙන්නෙ?"

"මට නෙවී.ආශිට ඔයත් එක්ක කතා කරන්න ඕන."

"මොකක් ගැනද?"

"මන් මුලින්ම මෙහෙම අහන්නම්.
ඔයා කැමති,ආදරේ කරන කෙනෙක් ඉන්නවද?"

"නෑ..එහෙම කවුරුවත් නෑ..
ඇයි එහෙම අහන්නෙ."

"මන් මේක කිව්වට මුකුත් හිතන්න එපා..
ඔයා දන්නවනෙ අනුජි.එයා ඔයාට කැමතියි.ඔයා මොකක් කියයිද කියලා එයා ඒක කියන්න බයෙන් ඉන්නෙ."

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now