Chapter 10

98 8 6
                                    

මේ ටික දවසට අපි දෙන්න තව ලං උනා කිව්වොත් හරි.අපි දෙන්නම අපි දෙන්න ගැන නොදන්න දේවල් පවා දැන ගත්තා.
ඒකෙන් මම තේරුම් ගත්ත දෙයක් තමයි නෙතූ කියන්නෙ තීරනයක් ගන්න කලින් හොදට හිතල බලන කෙනෙක්.එයාට දෙයක් කරන්න ඕන උනොත් කරලම තමයි නවතින්නෙ.ඒවගේම ආදරේට ලෝභ කෙනෙක්.එයා කැමති නෑ එයාට ලැබෙන ආදරේ බෙදා ගන්න.පවුලෙ එකම ළමය නිසා එයා එහෙම වෙන එක පුදුමයකුත් නෙවෙයි.
තව කිව්වොත් ටිකක් කේන්තියන කෙනෙක්.හැබැයි ආයෙ හැරෙන තැපෑලෙන් දුක් වෙන සංවේදී කෙනෙක්.

දැන් මගේ තුවාලෙ හොදයි.හැබැයි කැලල නම් තියෙනව තාම.හෙට මම ආයෙ යන නිසා අද රෑට දෙන්න එක්ක ෆිල්ම් එකක් බලන්න ලෑස්ති උනා.නෙතූ පැස්ටා කන්න ආස නිසා මම පැස්ටා හදන අතරෙ එයා අද බලන ෆිල්ම් එක තෝරන්නම් කියලා ෆිල්ම් තෝරනවා.පැස්ටත් හදල තව පොඩි පොඩි ස්නැක් වගයකුයි බීමයි අරන් අපි ෆිල්ම් එක බලන්න ලෑස්ති උනා.

"මොකක්ද තේරුව ෆිල්ම් එක?"

"සොම්බි එකක්"

"මේ මහ රෑ...
ඔයා බය නැද්ද?"

"බය නැත්තෙමත් නෑ.ඒ උනාට බලමු.ඒක ගොඩක් අය හොදයි කියල තිබුන.ඒකයි තේරුවෙ."

"ම්ම්.මට ඉතිම් ඕන එකක්."

ෆිල්ම් එකේ භාගයක් විතර යනකන් අවුලක් නැතුව බැලුවා ඒත් එතනින් එහාට බලන්න උනේ නෑ ෆිල්ම් එක බලන්න තෝරගත්ත කෙනාම බය වෙලා බලන්න බෑ කියල නැවැත්තුවා.

"දැන් ඔයාම නේද අවුලක් නෑ කියල ඒක තෝරගත්තෙ බලන්න."

"ඉතිම් අනේ කට්ටිය හොදයි කියල දාල තිබුන නිසා තේරුවෙ.කව්ද දන්නෙ ඔච්චර බය හිතෙන දේවල් තියෙයි කියලා."

"ඒක හොද ෆිල්ම් එකක් තමයි.හැබැයි මේ වගේ සුලු දෙයටත් බියට පත් වන අයට ගැලපෙන්නෑ.."

"අනේ මේ යනෝ යන්න හ..."

"හරි හරි දැන් යමු නිදාගන්න."

"අනේ බෑ..මට බයයි.අපි මෙහෙම ඉමුකො."

එහෙම කියල නෙතූ සෝෆාවෙ හාන්සි වෙලා හිටපු මගේ ඇග උඩට ඇවිත් බෙල්ල වටේ අත් දෙක දාල බදාගත්තා.පස්සෙ මාත් එයාව වැටෙන්නෙ නැති වෙන්න එයාගෙ ඉන වටෙන් අත් දෙක දාල මගේ ලගට තුරුල් කර ගත්තා.

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now