Chapter 15

77 15 0
                                    

දැන් කැම්පස් එකේ හැමෝම වගේ මාව දන්නවා.කැම්පස් එකට ගියාම හම්බ වෙන හැමෝම කියනවා එදා ලස්සනට සිංදුව කිව්වා කියලා.ඒ අතරින් සමහර අය නම් කියනවා වොයිස් එකත් ශෝයි ඔයත් ශෝයි කියලා.එහෙම කියද්දි නෙතූගෙ මූණ තමයි බලන්න වටින්නෙ...
කරන්න දෙයක් නෑ එයාමනෙ මාව සිංදු කියන්න දැම්මෙ.
මන් සිංදු කියන වීඩියෝ එක කැම්පස් එකේ page වලත් දාල ඒක ටිකක් වයිරල් වෙලා තිබුනා.ඒ කියන්නෙ මම දැන් ටිකක් ජනප්‍රිය මනුස්සයෙක් හුම්ම්...
ඒ උනාට හායි හූයි ගාන් එන කෙල්ලො එක්ක වැඩිය කතා කරන්න යන්න හොදනෑ.එහෙම නැති උනොත් මට නෙතූගෙන් ගුටි කන්න වෙනව ෂුවර්..🥲

අනූටයි මටයි lectures ඉවර උනාට නෙතූලට තව වෙලා තියෙනවා.ඒක නිසා එයාල එනකන් අනුයි මමයි බංකුවකින් වාඩිවෙලා කතා කර කර හිටියා.

"මේ ඒක නෙවෙයි දැක්කද ඔයාගෙ වීඩියෝ එක ටික් ටොක් එකෙත් ෂෙයා වෙලා තිබුනා."

"ඒපාර ටික් ටොක් එකෙත් දාලද..සිංදුවක් කිව්ව කියල ඔච්චර දෙයක් වෙනවද අනේ.."

"මේ වෙලා තියෙන්නෙ...
ඒක වෙන්නෙ මෙහෙමනෙ මැනිකේ...එකක් ඔයාගෙ කටහඩ මාර ලස්සනයි.අනිත් එක ඔයාගෙ එතන ලුක් එක මරු..කොල්ලෙක් වගේ හෙන ගැම්මට ඉදන් sing කරනවනෙ එතන."

"මරු ගැම්ම..මම බයේ හිටියෙ වචන පැටලිලා ඇදගෙන නාන්න වෙයිද කියලා.."

"නාගන්නෙ නැතුව කොහොම හරි කිව්වනේ...දැක්කද දාල තියෙන comment.ගොඩක්ම දාල තියෙන්නෙ කෙල්ලෝ.
මෙන්න හොදේ..අනේ ඒක නම් භාවනාවක්,ඒ අක්කි හරි ශෝයි,අක්කි බබා..."

"හැඩි දෙමළි වගේ කියවන්නෙ නැතුව ඉදහන්කො.."

"අනේ අනේ අක්කි බබාට තරහ ගිහිල්ලා..."

"හැච හැච හැච"

"හැච හැච නෙවෙයි.ඔන්න බලහම් මේකෙන් උබට එක කෙල්ලෙක් හරි කැමතියි කිව්වෙ නැත්තම් මම අනුජි නෙවෙයි..."

"එහෙම එකක් උනොත් කෙලින්ම මල්ශාලාවට කෝල් එකක් දීල පෙට්ටියක් ඕඩර් කරහන්..තව පෙට්ටිය වල දාන්න කලින් මතක් කරල phone එක පෙට්ටියට දාන්න."

"ඇයි මොකො කෙල්ලෙක් ඇවිත් කැමතියි කිව්වම උබට හාර්ට්ඇටෑක් එකක් ඇවිත් මැරෙනවද.."

You've reached the end of published parts.

⏰ Last updated: Jun 17 ⏰

Add this story to your Library to get notified about new parts!

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now