Chapter 6

103 10 4
                                    

නෙතූ රවීන්ද්‍ර විජේසිංහ ඇමතිගෙ දුව කියල දැනගත්තම මට මුලින්ම හිතුනෙ අපිට ඉස්සරහට එන ප්‍රශ්න ගැන..
එයාගෙ තාත්තා ඇමති කෙනෙක් නිසා අපිට මේක ලේසි වෙන්නෙ නෑ වගේම ගොඩක් ප්‍රශ්න ඇති වෙයි කියලත් මන් දන්නවා...

ඒත් මට බෑ ඒක නිසා නෙතුව ලේසියෙන් අතාරින්න.
මන් එයාට ගොඩක් ආදරෙයි..
මන් එයාට ආදරේ කරේ එයා ඇමති
කෙනෙක්ගෙ දුවෙක් කියල දැනගෙන නෙවීනෙ.
මෙච්චර කල් බලන් ඉදල ඔයාව මට ලැබුනම මම කොහොමද නෙතූ ඔයාට ලේසියෙන් යන්න දෙන්නෙ...

මොන ප්‍රශ්නෙ ආවත් මන් ඔයාව අතාරින්නෙ නෑ නෙතූ...
ඔයා වෙනුවෙන් මම එන ඕන ප්‍රශ්නෙකට මූණ දෙනවා...

මේ ගැන අනිත් අයත් දැන ගත්තම එයාලත් පුදුම උනා..
පුදුම නොවී බෑ ඉතිම්.
කව්ද හිතන්නෙ ඇමති දුවෙක් මේ විදියට ඉදියි කියලා...
කොහොමහරි තාමත් මේ ගැන දන්නෙ අපි දෙන්නගෙ ලගම යාලුවො විතරයි.
ඉතිම් ඒ තමයි මගේ නෙතූ...😌
.
.
.
අද තමයි නෙතුයි මමයි එකට එලියට යන පලවෙනි දවස..
අද දවසෙම අපි දෙන්න එකට ඉන්නවා...🙈

නෙතූ මාව ගන්න එනව කිව්ව නිසා මම වෙලාව ලන් වෙද්දි ලෑස්ති වෙන්න පටන් ගත්තා.
මම ඇදුම් ඇද ඇද ඉද්දි කාමරේ දොරත් ඇරන් නෙතූ ආවා..

"ඔයා ලෑස්ති වෙලා ඉවරද ආශි..?
So..Sorry..මන් යන්නම්.."

එයා දුවල යන්න හදද්දිම මම එයාගෙ අතින් ඇදල අරන් බිත්තියට හේත්තු කරගත්තා..

"කොහෙද මැනිකෙ මේ දුවන්නෙ.."

"ම..මන් හිතුවෙ ඔයා ලෑස්ති වෙලා ඇති කියලා.ඒකයි එකපාර කාමරේට ආවෙ.
මන් යන්නම්"

"ඔච්චර රතු වෙන්න එපා..
මට ඔයාව කන්න හිතෙයි."

අහක බලන් ලැජ්ජාවෙන් රතු වෙලා ඉන්න එයාගෙ කනට ලං වෙලා එහෙම කිව්වම එයා මගෙ පපුවට ගහගෙන ගියා..

"ආව්..මොකද ගහන්නෙ..රිදෙනවා.."

"රිදෙන්න තමා ගහන්නෙ..මෝඩයා..
ඉක්මනට ලෑස්ති වෙලා එන්න.."

"යන්න එපා ඉන්න ඉතිම්.."

"මොකක්ද 🤨?"

"නෑ..මේ..මුකුත් නෑ. හී..හී..🥲"

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now