Chapter 4

86 13 2
                                    

සනූ අක්ක,තිසුරි මගේ හිත හැදෙන්න එක එක දේවල් කිව්වට මන් කරේ පාඩුවේ ඔහේ පැත්තකට වෙලා හිටපු එක...
අනූ නම් කිව්වෙම ඒ නෙතූගෙ bf වෙන්න බෑ කියලා.
අනූ කියනව වගේ ඒ දෙන්න තනියම එතන හිටියට ඒම සම්බන්ධයක් නැතුව ඇති කියල හිතල මම අයේ පරන විදියට ඉන්නවද...

ඒත් ඒක හරියටම දැනගන්නකන් මම නිකන් මාවම බොරුවට රවට්ට ගන්නව වගෙයි මට දැනෙන්නේ...

ඔක්කොටම වඩා අමාරුයි මට මේ දැනෙන දුක...
One side love මේ තරම් රිදෙනව කියල මන් දැනන් හිටියෙ නෑ...

මොනව කරන්නද
ඒකෙ විදීමත් අපිට..
විදවීමත් අපිට..

'ආශි..උබ යනව නේද අද රෑ පාටියට?'

'අනේ බෑ බන්...මට මූඩ් එකක් නෑ..'

'බන්..උබ මේ හදන්නෙ හරියටම නොදන්න දෙයක් අල්ලන් අද වගේ හොද දවසකත් මූඩ් ගහල ඉන්නද..'

'අනේ බන් මට ඒ ගැන කතා කරන්න ඕන නෑ,පාටියට යන්න ඕනෙත් නෑ,මට පාඩුවේ ඉන්න දීහම්කො..'

'මේ ආශී...උබ කලිම් කිව්ව පාටියට යනව කියලා.අනික උබ දැන් ඉන්නෙත් මූඩ් ගහලනෙ.ඉතිම් ඔය ගැන ටිකකට හරි අමතක කරල ටිකක් Enjoy කරන්න පාටි එකට යමු..'

'ඒත් අනූ..'

'ඒත් මේත් නෙවී.උබ එනවා..
ලෑස්ති වෙයම් හරිද..'

අනූ කියනව වගේ මේ මූඩ් ගහල ඉන්න එක ටිකකට හරි අමතක කරල ඉන්න මාත් කැමති නිසා මන් පාටි එකට යන්න හා කිව්වා.
.
.
.
පාටි එකට ගියත් මම හොයන්නෙ ඒ ඇස් දෙකමයි..
ඇයි..ඇයි මට එයාව එක මොහොතකටවත් අමතක කරන්න බැරි...

කොච්චර දුකක් දැනුනත් එක මොහොතකට ඔය ඇස් දෙක මට දකින්න තියෙනව නම්..
මාව නිවන එක බෙහෙතක් මැනික ඔයා...

එහෙම පොඩි සැනසීමක් හරි ලබන්න මට බැරි උනා..කොච්චර හෙව්වත් මට එයාව දකින්න ලැබුනෙ නෑ..
ඒකත් එක්කම මට දැනුන දුක තව ටිකක් වැඩි උනා මිසක් අඩු උනේ නෑ...
අනුත් ලග හිටියෙ නැති නිසා මම කෙලින්ම ගියේ Drinks ගන්න තැනට.
මම මීට කලින් Drinks අරන් තියෙනව.
හැබැයි ගොඩක් නෙවී...
ඒත් අද මට මගේ දුක නැති වෙන්නම Drinks ගන්න ඕන.එහෙම උනාමවත් මේ දුක මට ටික වෙලාවකට හරි අමතක වෙයි...

'ආශී..මොනවද මේ කරන්නෙ.
දැන්ම ඕක නවත්තන්න.ඇති දැන්..'

'ඇති..මම දැන් තමා පටන් ගත්තෙ අනූ..'

'පිස්සුද..උබට දැනටමත් වැඩියි වගේ...'

අනූ කියන එක ඇහුන්නෑ වගේ ඊලග වීදුරුවත් බොන්න ගනිද්දිම කෙනෙක් ඇවිත් මගෙ අතින් අල්ලලා නැවැත්තුවා.

'ඇති ආශි.දැන් නවත්තන්න..'

බොද වෙලා පේන ඇස් වලින් මම බැලුවෙ කව්ද මාව නැවැත්තුවෙ කියලා..

'නෙතූ...
නෑ නෑ නෙතූ වෙන්න බෑ..'

'ආශි නැගිටිනව ඔතනින්.
පාටියට ආවෙ බොන්නද ආ..'

අර ආව කෙනත් එක්ක මාව ටේබල් එකට උස්සන් ආව අනූ එක තත්පරේකට කට වහන්නෙ නැතුව මට බැන බැනම හිටියා..
ඒ අස්සෙත් මම බැලුවෙ මන් දිහා බලන් ඉන්න ඒ බොද උන රූපෙ දිහා...
ඇයි මට එයාව නෙතූ වගේ පේන්නෙ..
මත් වෙලා නිසා විකාර පේනවද කොහෙද...

ඊයෙ රෑ හරියට නිදා ගත්තෙ නැති නිසයි,මත් ගතියයි නිසා මට මාර නිදිමතයි..
අනූට බැන බැනම ඉන්න කියල මන් මේසෙන් ඔලුව තියාගත්තෙ දැනුන නිදිමත ගතිය නිසාමයි..
.
.
.
'ඔයාට ෂුවර්ද අද ආශිව එක්කන් යන්න ඕන කියලා?'

'ඔව් අනූ..මන්ම මේක විසදගන්නම්'

'හරි..කෝමද මෙයාව එක්කන් යන්නෙ.ඔයාට තනියම පුලුවන්ද..'

'මන් මගේ වාහනෙන් ආවෙ.ඒක නිසා අමාරු වෙන එකක් නෑ..බය වෙන්න එපා අනූ...'

'හරි එහෙනම් පරිස්සමට හරිද..මොනාහරි උනොත් කෝල් කරන්න..By..'

'ඔයාලත් පරිස්සමට යන්න.By..'

පැහැදිලි නොවුනත් කට්ටිය කතා කරනව කියල මට ඇහුනා.ඒ වගේම මට දැනුනෙ කවුරුහරි මාව වාරු කරන් අල්ලන් ඉන්නව කියල.
ඒ ඔක්කොම බලන්න මට නැගිටින්න ඕන උනත් මට දැනුන නිදිමත නිසා වාරු වෙලාම ඉන්නව මිසක් නැගිටින්න බැරි උනා..
.
.
.
.
මම අවදි උනේ දැනුන ඔලුව කැක්කුම නිසයි.
වෙලාව බලන්න phone එක හොයනකොට තමයි තේරුනේ මන් ඉන්නෙ ගෙදර නෙවී කියලා.

'මන් මේ කොහෙද ඉන්නේ..'

'ඔයා ඉන්නෙ මගේ ගෙදර ආශි..'

දොර ගාව ඉදන් මන් ඉන්න තැනට එන ගමන් කෙනෙක් කිව්වා...
_____________________________________________

Hi කට්ටිය...
කව්ද දන්නෑනෙ ආශිව අරගෙන ගියේ..🤔
ඊලග එකත් ඉක්මනට දෙන්නම්.
By..ආදරෙයි...💕

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now