Chapter 11

75 10 12
                                    

මේ ටිකේම අනුජි මැච් එකට ප්‍රැක්ටිස් කරනවා.මමත් ඉතිම් පුලුවන් විදියට එයාට මගෑරෙන පාඩම් වල note හදල දුන්නා..එහෙමවත් හදල දුන්නැත්තම් මේකා කොහොමත් ඕව කරන්නෑ.පුදුම කම්මැලිකමක් තියෙන්නෙ.
මැච් එක තියෙන්නෙ හෙට.අනුජි ටීම් එකේ කැප්ටන් නිසා අනිත් අයට වඩා වැඩ ගැන ටිකක් බලන්න තියෙනව.ඒක නිසා මේකව උදේට අල්ල ගන්න බැරි නිසා මම රෑ එයත් එක්ක කතා කරා මට එයාට දෙයක් කියන්න තියෙන නිසා.

"දැන් හෙට මැච් එකට ලෑස්තිද?"

"ලෑස්තියි ඉතිම්.ඒ උනාට බයයිත් වගේ.."

"දැන් මෙතන පාඩම් වැඩත් මගෑරගෙන ප්‍රැක්ටිස් වෙලා ඒත් බයද යකූ..."

"කොච්චර ප්‍රැක්ටිස් කරත් ටිකක් බයයි අනේ...ඔහොම අහල තව බය වැඩි කරන්නෙ නැතුව ඉන්නවකො."

"හැච හැච හැච තමා.
මේ...බය වෙන්න එපා.ඔයා හොදට ප්‍රැක්ටිස් කරානෙ.අනිවාරෙන් දිනන්න ඕන හරිද.ඔයා දින්නොත් මම ඔයාට දෙනව ලොකු සප්‍රයිස් එකක්."

"සප්‍රයිස් එකක්..ඒ මොකක්ද?"

"ඒක දැන් කිව්වම ඒක සප්‍රයිස් එකක් වෙනවද මැට්ටියේ...
මුලින්ම ඔයා දිනන්නකො."

"බොරු නෙවෙයිනෙ කියන්නෙ."

"නෑ නෑ..මාව විශ්වාස නැද්ද.."

"නැති නිසා තමා මෙච්චර අහන්නෙ."

"මේ වගේ උන්ට සප්‍රයිස් දෙනවට මට ගහන්න ඕන..."

"හරි හරි මැනිකේ...මම හෙට මැච් එක අනිවාරෙන් දිනනවා.ඔයා සප්‍රයිස් එක ලෑස්ති කරන් ඉන්නකෝ..."
.
.
.
හිතුව වගේම අනුජි උදෙන්ම ගිහින්.වෙලාවට රෑ කතා කරේ.
මැච් එක පටන් ගන්න තියෙන්නෙ 9 ට.සනූ අක්ක,තිසුරි,විහගි විතරක් නෙවී කැම්පස් එකෙන් භාගයක් විතර අද ground එකේ.හැමෝම වගේ කැමති නෙට්බෝල් ටීම් එකේ කැප්ටන් බලන්නද දන්නෑ මේ සෙනග ඇවිත් තියෙන්නෙ.😂

නෙතූ හිටියෙත් සනූ අක්කල එක්ක.මම එයාලටත් එක්ක ස්නැක් ටිකකුයි තව බීමයි අරගත්තා.තව නෙතූට chocolate එකයි මට white chocolate එකකුත් ගත්තා.
මේ නපුරුච්චි white chocolate  කන්න ආස නෑනෙ.මම ඒක දන්නෙ නැතුව එක දවසක් එයා බලන්න යද්දි white chocolate  එකක් අරන් ගියා.මම ඒව කන්න ආස නෑ කියල දන්නෙ නැද්ද කියල මූණත් ඇද කරන් හිටිය.ඉතිම් හද්දෙයියනේ මම කෝමද ඒකක් දන්නෙ.. කෝමහරි එදා Dark chocolate එකක් අරන් දීල ඒක ශේප් කරගත්තා.මට ඉතිම් ආස නෑ කියල එකක් නෑ.ඒ උනාට white chocolate වලට ආසයි...white chocolate ආගමක් නම් මා එහි බැතිමතෙකි..😌

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now