Chapter 13

119 14 27
                                    

උදේ මට අවදි උනේ සීතල අතක් මගෙ කොන්ඩෙ අතරින් එහාට මෙහාට යනව දැනුන නිසා.මම එහෙම්ම ඒ කෙනාගෙ ඉන වටින් අත් දෙක දාල එයාට තුරුල් උනා.

"Good morning birthday girl.."

"Good morning my first birthday wish.."

ඒ කියපු එකට නම් දෙන්නටම හිනා ගියා

"මොකො මෙච්චර උදෙන් ඇවිත්.."

"ඇයි දැන් මට එන්න බැරිද.මෙහෙත් මගෙ ගෙදර වගේ තමයි හරිද.."

"හාකො ඉතිම්.පුලුවන් නම් නවතින්නම එන්න.."

"හිතුනොත් එනව තමයි හ්ම්...
හරි හරි දැන් නැගිටල වොශ් එකක් දාන් එන්න අන්න සනූ අක්කා කිරිබත් හදනවා."

එහෙම කියල නෙතූ මගෙ කොන්ඩෙත් අවුස්සල කාමරෙන් ගියා.එතකොටම මට කෝල් එකක් ආව.ඒ කෝල් එක එනකන් මම බලන් හිටපු නිසාම ඉක්මනට ආන්සර් කරා.

"Happy Birth day චූටී.."

"Thank you ලොකූ.."

"ආ..ඉන්න.අම්මත් ඉන්නව මෙතන."

"සුභ උපන්දිනයක් චූටි පුතේ..
හැමදාම සතුටින් පරිස්සමට ඉන්න ඕන..."

"Thank you අම්මා..."

"තාත්තත් wish කරන්න කිව්වා.එයාට අද උදෙන්ම යන්න උනා."

"හරි කමක් නෑ අම්මා.මම ආයෙ රෑට කෝල් එකක් ගන්නම්කො."

"චූටි පුතේ ඔයා හොදින් ඉන්නව නේද?"

"ඔව් අම්ම මන් හොදින්.ප්‍රශ්නයක් නෑ.අම්මලත් හොදින් ඉන්නවනෙ.."

"ඔව් අපිත් හොදින් ඉන්නවා.හරි මෙන්න අක්ක ඉල්ලනව කතා කරන්න.එහෙනම් පරිස්සමට ඉන්න.වෙලාවට කන්න.බුදු සරණයි.."

"හරි අම්මා..බුදු සරණයි.."

"හලෝ චූටී අන්න මම බැංකුවට සල්ලි දැම්මා.තව ඕන උනොත් කියනව හරිද.."

"හරි හරි"

"හරි හරි තමයි.සල්ලි බැංකුවට දානව විතරයි පාවිච්චි කරන්නෑනෙ.තමුසෙ මහපොලෙන්ද ජීවත් වෙන්නෙ.."

"හරි හරි අනේ..."

මම ඇරෙන්න අම්මා,තාත්තා,අක්කා තුන්දෙනාම ජොබ් කරන නිසා එයාලගෙ පඩියෙන් කොටසක් මටත් වෙන් කරනවා.
ඒ උනාට ගෙදරට ඕන කුලිය ගෙවන්නයි තව අවශ්‍යතාවයක් උනොත් විතරයි මම ඒව ගන්නෙ.නැත්තම් අර කිව්ව වගේ මම ජීවත් වෙන්නෙ කැම්පස් එකෙන් ලැබෙන මහපොලෙන් තමා 😂

Gap the love _ ♡♥︎♡_Where stories live. Discover now