Chapter 20 - "PLEASE SEND HER BACK"

636 137 19
                                    

▪▪▪(Tae's Father’s POV)▪▪▪

අප්පා කෙනෙක්ට පුළුවන් ද තමන්ගේ දරුවා  දුක් විඳිනවා බලාගෙන ඉන්න... ඒත් මට සිද්ධ වුණේ, මගේ පුතා වැඩියෙන්ම දුක් විඳිනවා බලන්නයි. මං දන්නේ නෑ දෙවියෝ ඇයි මගේ කොල්ලට සතුටින් ඉන්න අවස්ථාවක් නොදෙන්නේ කියලා. ටේට දවසක් හිනා වෙන්න අවස්ථාවක් දුන්නොත්, ආයේ දවස් දහයක්ම දුක් විඳින්නයි වෙලා තියෙන්නේ. කාලෙකට පස්සෙයි මං දැක්කේ මගේ ආදරණීය හැම තිස්සෙම හිනාවෙලා හිටිය ටේ ආයෙමත් ඇවිත් ඉන්නවා. ඒත් ඒ මූණේ තිබුණු හිනාව ටික දවසකින් මේ විදිහට ආයෙමත් අර ගන්න තරම් මගේ කොල්ලා කරලා තියෙන වැරුද්ද මොකක්ද කියලා හොයා ගන්න පුළුවන් වුණා නම්, මං ඒ වෙනුවෙන් දඬුවම් විඳින්න වුනත් ලෑස්තියි.

මැලවුණු ඇස්වලින් ටේ තාමත් ICU room එක දිහා බලාගෙනම හිටියේ තාමත් doctor කෙනෙක් එලියට ආවේ නැති නිසයි. ඉස්සර වගේම මගේ කොල්ලගේ ගාවින්ම ජීමිනා ඉඳගෙන හිටිය නිසා මං එයා ගාවට නොගිහින් ටිකක් එහාට වෙන්න හිටිය ජන්ග්කුක්ෂීගේ ළඟට ගිහින් ඉඳගත්තේ, එයත් මගේ ටේ වගේම ICU එක දිහා බලාගෙනම ඔහේ කල්පනා කර කරා හිටිය නිසයි. මට ටේ කියලා තිබුනා ජන්ග්කුක්ෂීයි ෂින්ඒයි කියන්නේ හරියට අක්කයි මල්ලියි වගේ කියලා. ඒ නිසා මේ කොල්ලටත් ඒක දරා ගන්න බැරිව ඇති. මාත් කොහොමත් දන්නවා දෛවය ගොඩක් වෙලාවට අපෙන් ඈත් කරන්නේ අපි වැඩියෙන්ම ආදරේ කරන දේවල් කියලා. ඒකනේ ටේගේ ඔම්මාව අපෙන් ඈත් කරේ. ඒත් දෛවය මගේ කොල්ලට මේ දෙන දුක නම් ගොඩාක්ම වැඩියි.

ඒත් එක්කම වගේ මං මගේ සිතුවිලි වලින් මිදුනේ phone එක rings වුණ නිසයි. Unknown number එකකින් ආව call එකක් නිසා මං answer කරන්න බය හිතුනේ තවත් කරදරයක්ද දන්නේ නෑ කියලා හිතලයි. ඒත් එක දිගටම rings වුණු නිසාම ටිකක් එහාට ගිහින් call එක answer කලා.
“යොබුසෙයෝ...!” (hello)
“අන්යොන්ග්..! මේ Yongsan Police Station එකෙන්... මේ ඕ අරාගේ (Oh Ara) අප්පද..?”
Call එකේ එහා පැත්තෙන් එහෙම ඇහෙද්දීයි මට මතක් වුණේ තාමත් අරාව class එක ඉවර වෙලා එක්කගෙන ඇවිත් නෑනේ කියලා. ටේට මේ වුණු දේවල් එක්ක මේ දේ අමතක වෙලා යන්න ඇති.
“අහ්... යේ...”
අරා මගේ ලෙයින් ඉපදුනු දරුවෙක් නොවුනත්, මින්හීගේ දුව කියන්නේ මට දැනුනේ මගේම දුව වගෙයි. කොහොමත් අරා ටේගේ නංගි කියලා ටේ පිලිගත්තා කියන්නේ., එයා මගේ දුව වෙනවා කියන එකයි. ඒ හැම දේටම වඩා ටේ රෑ වෙලා ගෙදර එනකන්ම මට අප්පා අප්පා කිය කියා කතා කර කරා හුරතල් වෙද්දී  මට ටේගෙන් මග ඇරුනු ඒ දෙවල් ආයෙමත් විඳින්න අවස්ථාවක් ලැබෙනවා වගෙයි දැනුනේ.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now