Chapter 16 - "FAILURE"

812 138 51
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

අපි rest කරන්න කියලා hotel එකට ආවට ටේහ්යුන්ග්නා නම් තාමත් වැඩ නිසා ඇවිත් හිටියෙත් නෑ. ජන්ග්කුකා නම් උදේ ඉදන්ම කොහෙ ගිහින්ද කියලා හොයා ගන්නවත් නෑ. ජන්ග්කුකාට නම් call එකක්වත් ගන්න විදිහක් නෑ පොඩි ළමයෙක් වගේ වගේ phone එක කඩාගෙන නිසා. ඒත් ටේහ්යුන්ග්නාගේ වැඩ වලට කරදර කරන්නත් බෑ. ටේහ්යුන්ග්නා නම් තනියම රෑ වෙලා යන්නත් එපා කියලා තිබුණත් යුමී අමාරුවෙන් නිසා කරන්න දේකුත් නැති නිසාම මං සීතල නිසා coat එකත් ඇඳගෙන hotel එකෙන් එලියට ආවේ, මොනා වුනත් නොදන්න පැත්තක් නිසා ටිකක් ගැහෙන හදවතින්.

ප්‍රධාන පාරෙන් ටිකක් ඈතට වෙන්න තිබුණු පටු පාරක් වුණු නිසාදෝ, නගරබද කලබලකාරී බවෙන් මිදිලා, පාර පාලු ස්වභාවයක් ගත්ත නිසා ටිකක් නැවතිලා වටපිට බැලුවේ ෆාමසිය තියන තැනක් ගැන අහන්න පුළුවන් කවුරුහරි ඉන්නවද කියලයි. ටික දෙනෙක් හදිසියෙන් වගේ පාරේ එහාට මෙහාට ගමන් කලේ, තවත් රෑ වෙන්න කලින් තමන්ගේ ගෙදරට යන්න බලාපොරොත්තුවෙන් වෙන්න ඇති.

කිහිප දෙනෙක්ටම කතා කරන්න කියලා උත්සාහ කලත්, ඒ කිසිම කෙනෙක් ගණනක් නොගෙනම යන්න ගියේ, නොදන්නා අය ගැන විශ්වාසයක් නොතබන ආකාරයක් පෙන්වන ගමන්මයි. නොදන්නා පැත්තක, හිතට දැනුනු බයත් එක්කම ආයෙමත් හැරිලා ආවේ, අනාරක්ෂිතබවක් දැනුනු නිසායි. ඒත් එකපාරටම හිතට දැනුනු බය තවත් වැඩි කරන ගමන්ම ටිකක් වේගෙන් වගේ ආව car එකක් ඇවිත් මං ළඟින් නැවැත්තුවේ හිතේ තිබුණු බය තවත් තියුණු වෙන අතරේදීමයි.

මං car එක ගානකට නොගෙන ඉස්සරහට යන්න උත්සාහ කලත්, ඒ car එකේ හිටිය හැඩි දැඩි පිරිමි කෙනෙක් බැහැලා ඇවිත් මගේ පාර අවහිර කරමින් හිට ගත්තේ, අනතුරක් අත ළඟ කියලා මගේ හිත මට අනතුරු අඟවන අතරේදීමයි.
"අන්යෝන්ග්හසේයෝ අගස්ෂී..." (hello young lady) ඒ කෙනා කොරියන් වලින්ම එහෙම අහද්දී ඇත්තටම මං පුදුම වුණා කිව්වොත් හරි. ඒත් ඒ ඔක්කොටම වඩා මට දැනුනේ මේ මනුස්සයෝ මාවම target කරලා කියලයි. නැත්තම් මං Japanese කෙනෙක් නොවන බව මේ අය දැන ගන්න විදිහක් නෑනේ.

"මෙච්චර ලස්සන කෙල්ලෙක් තනියම කොහෙද මේ වගේ වෙලාවක යන්නේ..? අපිට පුළුවන් මිස්ව එක්කගෙන යන්න..."
අමුතු හිනාවකුත් එක්කම මගේ දිහාට එබෙන ගමන් ඒ මනුස්සයා එහෙම කියද්දී මං පිටිපස්සට ගියේ හිතේ ඇතිවුණු පිලිකුලෙනුයි.
"Hey..! Hey මිස්.., කෝ උත්තර..?"
මගේ නිකටින් අල්ලලා මූණ උඩට හරවන ගමන් ඒ මනුස්සයා එහෙම ඇහුවේ, පිලිකුල් සහගත බැල්මකුත් මූණේ රඳවාගෙනයි.
"අහ්... කම්සාහම්නිදා... මට මේ ටික දුර තනියම යන්න පුළුවන්..."
පුළුවන් උපරිමයෙන් බයක් නොපෙන්වා කියන්න උත්සාහ කරත්, මගේ හඬ වෙව්ලනවා කියලා මට හොඳටම තේරුණා.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now