Chapter 02 - "LOVE FEELINGS"

1K 166 16
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

“ෂින්ඒයා.., මට ගිහින් කෝල් එක්ක දෙන්න... මං බලන් ඉන්නවා හරිද..? පරිස්සමින් ඉන්න එහෙදි... Seoul කියන්නේ Busan වලට වඩා ගොඩාක් ජනාකීර්ණ තැනක්... Fighting නේ චින්ගුයා...”
හැල්මොනිත් (ආච්චි) එක්ක Seoul වලට යන අතරතුරදී මං train එකට නගින්න කලින් හ්යේමියා මාව බදා ගෙන කියපු දේවල් මතකෙට එද්දී මං train එකේ shuttle එකෙන් එලිය බලාගත්තේ මගේ ඇස් වලට උනපු කඳුළු නිසයි. හ්යේමියා train එකට එන අතරතුරදී මට දුන්න phone එකත් අතේ තද කරගෙන මං train එකෙන් විරුද්ධ පැත්තට දුවන් යන ගස් වැල් දිහා බලන් හිටියේ මටත් ඒ වගේම ආයේ අනිත් පැත්තට දුවන් යන්න තිබුනා නම් කියලයි. ඒත් එක්කම මගේ ඇස් අග නලියමින් තිබුනු කඳුළු කැට කිහිපයක් මගේ ගවුමට වැටිලා නොපෙනිලා ගියා.

මගේ පුංචි කාලේ ඉදන්ම, හ්යේමියා තමා මගේ හොඳම යාලුවා වුණේ. කොටින්ම කියනවා නම් මට මගේ ඔම්මයි අප්පයි ගැන පොඩිවත් මතකයක් නැතත් හ්යේමියා එකක් තියෙන මතක මට මතක තියෙන පොඩිම කාලය දක්වා විහිදිලා තිබුනා. එයාගේ ඔම්මයි අප්පයි පවා මට සැලකුවේ එයාලගෙම දරුවෙකුට වගේ. ඒ වගේම හ්යේමියි මායි හිටියේ එක කුස උපන් සහෝදරියන්ටත් වඩා බැඳිලයි. ඒ නිසාමදෝ මට එහෙ දාල එන්න ලොකු ලෝබ කමක් වගේම ලොකු දුකක් හිතට දැනුනේ.

හැල්මොනිටයි මටයි අරන් එන්න කියලා ගොඩක් දේවල් තිබුනේ නැති නිසා අපි අරන් ආව දේවල්වල තිබුනේ අපේ ඇඳුම් පැළඳුම් ටිකයි, නිදා ගන්න, උයන්න තිබුන ශීට් ටිකයි, වලන් පිඟන් ටිකයි විතරයි. හ්යේමියාගේ අප්පා අපිව ගෙනිහින් දාන්නම් කිව්වත්, හැල්මොනි train එකේම යන්නම් කිව්වේ, මේ වෙනකන්ම එයාලා අපිට කරපු උදවු එක්ක තවත් එයාලට කරදර කරන්න ඕනි නෑනේ කියන ගමන්මයි.

•••••••••••>>>>>>>>>>>

පැය තුනක විතර ගමනකින් පස්සේ අපි Seoul වලට ඇවිත් taxi එහෙක අපේ අලුත් ගෙදරට ආවා. ඇත්තටම ගෙදරක් කියන්නත් බෑ එතනට. අපි දෙන්නටත් ඉන්න ඉඩ මදියි කියලා හිතෙන තරම් පොඩි කාමරයක් ඒක. හැල්මොනිගේ තැම්පතු වලින් තමයි මේ කාමරෙත් හැල්මොනි සල්ලි වලට අරන් තිබුනේ.

••••••••••••>>>>>>>>

“හැල්මොනි.., මං යනවා...”
මං එහෙම කියාගෙනම හැල්මොනිට kiss එකක් දීලා දිව්වේ school එක ගාවට යන බස් එකත් අල්ල ගන්න ඕනි නිසා. School එකට ඇතුලු වෙන කොට කරන්න ඕනි මූලික වැඩ ටික ඔක්කොම දවස් දෙකකට කලින් හැල්මොනිත් එක්ක ඇවිත් කර ගත්ත නිසා මට ඉතුරු වෙලා තිබුනේ අද උදේ office එකට ගිහින් principal ව හම්බ වෙන්න විතරයි. මාත් ඒ නිසා school එකට ඇතුලු වෙලා හොය හොයා ගියේ principal ගේ office එකයි.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now