Chapter 29 - "THE EVIDENCE"

498 126 25
                                    

▪▪▪(Yungyu’s POV)▪▪▪

“බ්..බොස්...! බොස්..! පොලි...”

“ජොන් යුන්ග්යු.., තමුන්ව අත්තඩංගුවට ගන්න සෝල් පොලිසියෙන් වරෙන්තුවක් ලැබිලා තියෙනවා... ඒ වගේම ඔයාගේ secretary වත්... කලබලයක් නොකර අපිත් එක්ක ආවෝත් ඔයාට පහසු වේවී...”

එලියේ හිටිය ආරක්ෂකයෙක් දුවන් ඇවිත් මොනාහරි කියන්න යද්දිම වගේ මගේ කැබින් එක ඇතුලට එකපාරටම පොලිසියෙන් ආවේ., මගේ හිතේ බයක් වගේම පුදුමෙකුත් ඇති කරලයි. හෙට එන්න තියෙන drug කන්ටේනර් එක ගැන ඔත්තුවක්වත් ලැබිලදෝ කියලයි මට බය හිතුනේ... ඒත් මේ තරම් කාලයක් කිසිම කරදරයක් නැතුව කරගෙන ආව එකේ එහෙම දෙයක් නෙමෙයි වෙන්න ඇතියි කියලා හිතලා සන්සුන් ඒත් ටිකක් දැඩි හඬකින් මං ඒ officer ට කතා කලා.

“Officer මට දැන ගන්න පුළුවන් ද මෙහෙම එකපාරටම මගේ කැබින් එකට ඇවිත් මාව අත්තඩංගුවට ගන්න ඕනේ කියන්න හේතුව..? මොකද HS group එකේ chairman විදිහට මට බොරුවට කාලේ නාස්ති කරන්න වෙලාවක් නෑ... අනික මං කොහොම ද විශ්වාස කරන්නේ එකපාරටම මගේ office එකට කඩාගෙන පැනපු අය ගැන... මොකද මං businessman කෙනෙක්නේ... කා ගැන හරි කටඋත්තරයක් ගන්න තියෙනවා නම් මෙතනදිම ගන්න... තව ටිකකින් මට special meeting එකකුත් තියෙනවා...”

මං හිතේ තිබුණු බය හංගගෙනම එහෙම අහද්දී ඒ officer කටකොනකින් හිනා වුණේ මට සමච්චලේට වගෙයි.

“බය වෙන්න එපා Mr. Jeon.., මෙන්න මගේ ID එක... Drug business සම්බන්ධයෙන් Mr. Jeon ට විරුද්ධව සෝල් පොලිසියට කෙනෙක් නඩුවක් file කරලා තියෙනවා... ඉතින් Mr. Jeon දැන් අපිත් එක්ක ආවෝත් හොඳයි... නැත්තන් අපිට බලෙන් ඔබතුමාව රැගෙන යන්න වෙනවා... ඒ වගේම ඔබතුමාගේ නිවස වගේම කාර්යාලයත් දැඩි පරික්ෂාවකට ලක් කරන්න කියලයි අපිට අණ ලැබිලා තියෙන්න... ඉතින් අපේ රාජකාරියට සහයක් විදිහට ඔබතුමා දැන්ම පැමිණෙන්න...”

“තමුන්ලා කියන්නේ මං දැන් තමුන්ලගේ ඔය සෙල්ලමට දාපු කේස් එකකට මට පොලිසි ගානේ ලගින්න කියලද... නැහැ..!! කොහෙත්ම නෑ... ඕනෙනම් ඔය case එක file කරපු එකාට ඉස්සරහට එන්න කියනවා... එතකන් මං මෙතනින් අඩි...”

“මමයි Mr. ජොන් යුන්ග්යු case එක file කලේ...”

හෙට තියෙන ඩීල් එකේ file මේ වෙලාවේ තිබුනේ කැබින් එකේ නිසා, Officer කිව්ව දේත් එක්ක ඇතිවුණු බයටම මං එහෙම කෑ ගහද්දී පිටිපස්සේ ඉදන් ඉස්සරහට ආවේ, දැකලා හුරු මූණක්.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now