Chapter 27 - "DOCTOR HYUNG"

542 122 22
                                    

[ළමයි.., අද Writer's Note එක අනිවාර්යෙන්ම කියවන්න හොඳ ද..?]

▪▪▪(Taehyung's POV)▪▪▪

ජන්ග්කුකයි යුකායි ගිහින් ටික වෙලාකට පස්සේ ෂින්ඒව check කරන්න Dr. සොක්ජින් ආව නිසා මං, doctorට එයාව check කරන්න ඉඩ දීලා පැත්තකට වෙලා බලාගෙන හිටියේ ෂින්ඒ දිහයි. වෙනදට නම් doctor check කරන්න එද්දී ටිකක් බය වුණ ෂින්ඒ., අද නම් doctor එක්ක හොඳට හිනා වෙවී කතා කර කරා ඉන්නවා දකිද්දී නම් මට ලොකු සතුටක් වගේම පොඩි ඊර්ෂ්‍යාවකුත් නොදැනුනාමත් නෙමේ. ඇයි ඉතින් තමන්ගේ girl friend වෙනත් පිරිමි කෙනෙක් එක්ක හිනා වෙවී කතා කර කරා ඉන්නවා දකිද්දී එහෙම හිතෙන එක ඉතින් සාමාන්‍ය දෙයක්නේ. නේද.?

“මිස් ෂින්ඒගේ ඇත්තම personality එක මං දැකලා තිබුනට වඩා හුඟක් වෙනස්නේ ටේහ්යුන්ග්ෂී... ඔන්න මිස් දැන් ගෙදර ගියාට පස්සේ මිස්ට තමයි ටේහ්යුන්ග්ෂී ගැන බලා ගන්න වෙන්න... හ්ම්..! Ok..! දැනට පිටින් නම් මිස් ගොඩාක් හොඳින්... ඒත් මිස් ෂින්ඒගේ scan reports වලින් පස්සේ තමයි අපිට හරිම තීරණේ දෙන්න වෙන්නේ... ඒ නිසා scan ටික ගන්න අපි මිස්ව එක්කෙන ගියාට කමක් නෑනේ නේද ටේහ්යුන්ග්ෂී..?”

Dr. සොක්ජින්ට මං හිතුන දේවල් දැනිලද මන්දා මගෙන් එහෙම අහද්දී මං ඔලුව වැනුවේ ඒ scan ටික අනිවාර්යෙන්ම ඕන නිසයි. ඒත් මටත් යන්න උවනාවක් තිබුනත් මේ කැඩුනු කකුලක් නිසා මට හිතුනේ මට මෙතනට වෙලා ඉන්න වෙයි කියලා වුනත්, Dr. සොක්ජින් ඊළඟට කියපු දේත් එක්ක මට දැනුනේ මගේ ඉහේ මලක් පිපුනා වගෙයි.

“මින්හී.., ඔයා මිස් ෂින්ඒව wheelchair එහෙක අරන් යන්න... ආහ් මතක් කරලා මිස්ට mask එකකුයි cap එකකුයි දාගෙන එක්කගෙන යන්න... ඒක කෝකටත් කියලා ආරක්ෂාවට හොඳයිනේ නේද ටේහ්යුන්ග්ෂී..? මං ටේහ්යුන්ග්ෂීව එක්කගෙන එන්නම් ඒ පස්සෙන්...”

මං දිහා බලලා ලොකු හිනාවකුත් එක්ක Dr. සොක්ජින් එහෙම කිව්වේ, හරියට මගෙන් ‘එහෙම හොඳයිද.?’ කියලා අහනවා වගේ බැල්මක් එක්කමයි. ආයිෂ්..!! මාත් මෙච්චර හොඳ මනුස්සයෙක්ට ඊර්ෂ්‍යා කලානේ. අනික ඉතින් doctor කොහොමත් බැඳලනේ. ඒ අතරේ ෂින්ඒ nurse ගෙත් උදව් එක්කම ඇඳෙන් බැහැලා මං වගේම wheelchair එකක ඉඳගත්තේ, cap එක වගේම mask එකත් දා ගන්න ගමන්මයි. ටික වෙලාවකින් ෂින්ඒ nurse එක්ක scan වලට සූදානම් වෙන්න කියලා ගිය නිසාම මාත් doctor දිහා බැලුවේ., doctor ට තාම යන්න කල්පනාවක් නෑ වගේ දැනුනු නිසයි.

°°LIGHT ON ME°° (COMPLETED)Tahanan ng mga kuwento. Tumuklas ngayon