Chapter 13 - "I LOVE YOU"

993 174 12
                                    

▪▪▪(Taehyung’s POV)▪▪▪

උදේ අරා මගේ පොඩි කාලේ පොත් බලන්න ආසයි කිව්ව නිසාම මේ room එකට ආව මිසක් නැත්තන් මේ පැත්තකටවත් මං එන්න පොඩ්ඩක්වත් කැමති නෑ. මොකද මං කලින් කිව්වා වගේම මේ room එකේ ආදරණීය මතකයන්ට වඩා තියෙන්නේ දුක්බර මතකයන්. ඒ නිසාමයි room එකට ඇතුලු වුණ ගමන්ම room එක පුරාවටම ඇස් අරන් ගියේ, මෙතන තියෙන පොත් වගේම අනිත් බඩු හැම එකක්ම මට අයිති ඒවා වුනත්, සමහර දේවල් මටම අයිති දේවල් ද කියලාත් මට මතකයක් නැති නිසයි. කොහොමත් මං ඒ දවස්වලදී ගත කලේ මටවත් නොතේරෙන විදිහේ අමුතුම ජීවිතයක්නේ. ඉස්සර මං ගැන හිතද්දී මටම හිනා යනවා ඇත්තටම. ආදරේකට ජීවිතයක් සම්පූර්ණයෙන්ම වෙනස් කරන්න පුළුවන් කියන්නේ මේකට වෙන්න ඇති. මුලින්ම අඳුරු වෙලා තිබුණු ජීවිතේට තරුවක් වගේ හ්යේමියා ආවත් ටික කාලේකට පස්සේ ඒ තරුව කඩාගෙන වැටුනේ හිතන්නවත් කාලයක් ඉතිරි නොකරයි. ඒ නිසාම මට මගේ අඳුරු ජීවිතේට පායලා තිබුණු හඳ අඳුන ගන්න මට බැරි වුණත්, පහුවෙලා හරි ඒ හඳ හොයා ගන්න පුළුවන් වුණේ, මගේ වාසනාවකට වෙන්න ඇති සමහර විට.

හිත ඇතුලෙන් මට අඳුරු වෙලා තිබුණු ඒ අතීතය වගේම දැන් ඒ අඳුර මකාගෙන එළිය වැටීගෙන එන වර්තමානය ගැන තර්ක කරද්දී, මගේ අත් නිතැතින්ම ගියේ මගේ පරණ photos දාලා තිබුණු album එකටයි. මගේ පොඩි කාලේ ඉදන්ම school ගිහින් ඉවර වෙනකන්ම photos වලින් මේ album එක පිරිලා තිබුණා. පොඩි කාලෙදී ඔම්මා අප්පා එක්ක මගේ birthdays සමරපු විදිහ, school එකේ දී ජීමිනා, හ්යේමි වගේම ෂින්ඒත් එක්ක ගත්ත photos ත් ඒ අතරේ තිබුණා. හැබැයි ඒ photos වලින් මගේ මූණේ හිනාව දකින්න පුළුවන් ඒවා නම් පොඩ්ඩයි තියෙන්නේ.

Photos වල රැඳිලා තිබුණු මතකයන් අතර සැරිසර සරා ඉන්න අතරේ එකපාරටම මාව ගැස්සිලා ගියේ ළඟ තිබුණු phone එක rings ගියපු නිසයි. මූණත් ඇඹුල් කරගෙනම phone එක අතට ගත්තත් screen එකේ තිබුණු නම නිසා මගේ මූණේ ඉබේටම සිනාවක් ඇඳුනා.
“යොබුසෙයෝ...” (Hello)
“Mr. Kim තාම school එකේද ඉන්නේ..?”
ආහ්..! මෙයාට බැරිද ටිකක් ආදරණීය විදිහට කතා කරන්න call එකදිකවත්.

“ආනියෝ... (no) මං ගෙදර ඉන්නේ කියන්න... මාව මතක් වුණාද ඉතින්...”
“යේ..? අ..ආනි... මං මේ කතා කලේ.., මේ.., new project එකේ information files ටික ඒ project එක බාර දුන්න අය ඉල්ලනවා...”
“යේ..?? එයාලට අපි කලින්ම දුන්නානේ ඒ original files ටික... අපේ files ටික එයාලට දීලා හරියන්නේ නෑනේ... එයාලට කියන්න ඕනෙ නම් ඒ files වල copies දෙන්නම් කියලා... එහෙම කරන්න බැරි නම් අපිට project එක බාර ගන්න බෑ කියන්න... මොකද එයාලා දැන ගන්න ඕනේ එයාලගේ files රැක ගන්න...”
ඇත්තටම මට මේ වගේ වෙලාවල් වලදී නම් මිනිස්සු ගැන ඇත්තටම කලකිරෙනවා. එයාලගෙම වැරදි වලට එයාලා ආත්මාර්ථකාමී විදිහට වැඩ කරන එකට මං කෙහෙත්ම කැමති නෑ. අනික ඒ වගේ දේකින් අපේ company එකට වගේම, වැඩ කරන අයට risk එකක් දෙන්නත් මට බෑ. ඊට වඩා හොඳයි, ඒ වගේ risk එකක් නොගෙන වැඩේ නවත්තන එක.

°°LIGHT ON ME°° (COMPLETED)Hikayelerin yaşadığı yer. Şimdi keşfedin