Chapter 24 - "ACCIDENT"

643 131 23
                                    

▪▪▪(Taehyung's POV)▪▪▪

මං නැඟිටලා wash එකක් දාගෙන room එකෙන් එලියට ආවේ ෂින්ඒවත් හොයාගෙන උදේට කන්න කියලා හිතලා වුනත්, wall clock එකේ වෙලාව දකිද්දී මගේ ඇස් උඩ ගියේ, මං මෙච්චර වෙලාවක් නිදාගෙන ද කියලා හිතුනු නිසයි. දවල් දොලහත් පහු වෙලායි තිබුණේ. එහෙනම් lunch එකවත් ෂින්ඒවත් එක්කගෙනම ඇවිත් කනවා කියලා හිතාගෙන මං එයාගේ room එකට ගියත් එයා හිටියේ නැති නිසාම, වටපිට බල බලාම හිත හිතා හිටියේ, ෂින්ඒ කොහෙද දන්නේ නෑ කියලයි. Garden එකේ ඇතියි කියලා හිතලා එතනට යන්න ලෑස්ති වුනත් upper floor එකේ අවසාන room එක open කරලා කියලා ලාවට පෙනුනු නිසා මං ඒ පැත්තට ගියේ, ෂින්ඒ ඒ room එකටවත් ගිහින්ද දන්නේ නෑ කියලා හිතන ගමන්මයි. මට ඇත්තටම එයාගෙන් කිසිම දෙයක් හංගන්න උවමනාවක් නොතිබුනත් මං බය වුණා doctors ලා කියපු විදිහට ෂින්ඒට ඒ දේවල් දැකලා කම්පනයක් ආවොත් එයා ආයෙම ලෙඩ වේවි කියලා. ඒ නිසාමයි මං හිතුවේ එයාගේ මතකය ආයෙමත් එන්න කාලයටම ඉඩ දෙනවා කියලා.

“ෂින්ඒ.., ඔයා මොකද මෙත... මොකක්ද ඔය බලන්නේ..? මෙහෙට දෙන්න ඕක... මං ඔයාට කලින් කියලා තියෙනවා මෙතනට එන්න එපා කියලා... මෙතන තියෙන දූවිල්ලට ඔයාව ලෙඩ වුණොත් එහෙම... ඒ නිසා අපි යමු පල්ලෙහාට... කෝ එන්න...”

මං room එකට යද්දිම ෂින්ඒට කතා කරද්දී එයා බය වෙලා ගැස්සුනු පාර ගිහින් ළඟ තිබුනු බිත්තියේ වැදුනා. ඒත් එයාගේ අතේ තිබුනු photo එක දකිද්දී මට බය හිතුනා නිසාම මං ටිකක් සැරෙන් වගේ එහෙම කියාගෙනම ගිහින් ඒ photo එක මගේ අතට ගත්තේ., හිතින් ෂින්ඒගෙන් සමාව ඉල්ලන ගමන්මයි. ‘මිආන්හේ ෂින්ඒයා... ඔයා ගැන හිතලම මට මේවා ගැන ඔයාට උත්තර දෙන්න බැහැ.. ඔයා ආයෙම ලෙඩ වෙනවට වඩා, මගේ හැඟීම් වලට වඩා, ඔයා ඔය විදියට හරි හොඳින් ඉන්න එකයි මට වැදගත්..’ එහෙම හිත හිතාම මං ෂින්ඒව එක්කගෙන යන්න හැදුවත් ෂින්ඒ ඒ හිටිය විදිහටම එකතැන හිටගෙන, ඇස්වල කඳුළු පුරවගෙන ඉන්නවා දැක්කම මගේ හිත කලබල වුණු තරම ගැන දන්නේ මං විතරයි.

දොරත් ඇරගෙන ඇතුලට යද්දිම කාමරේ මුල්ලකට වෙලා කකුල් දෙක අස්සේ මූණ හංගන් ගුලිවෙලා හිටිය ෂින්ඒගේ උරහිස් උඩ පල්ලෙහ යන විදිහෙන් එයා අඬනවා කියලා මට දැනෙද්දිම මං එයා ගාවට දුවන් ගියේ එයා හොඳින් ද කියලා බලන්න වුණත් මං ළඟට යද්දිම ෂින්ඒ තවත් ගුලි වුණේ බයෙන් වගේ. හරියට එයා ගාවට එන්න එපා කියලා කියනවා වගේ. නැහැ..! ඒ මගේ හිත මේ වෙලාවේ කලබලෙන් නිසා මට හිතෙන විකාර අදහස් වෙන්න ඇතියි කියලා හිතාගෙනම මං ෂින්ඒ තුරුලු කර ගන්න හැදුවේ, දැන් හැම දෙයක්ම හරි කියලා සන්සුන් කරන්න වුනත් ඊලඟට එයා කියපු දේ නිසා මට දැනුනේ මගේ හිත අමු අමුවේම කෑලි කරලා දානවා වගෙයි.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now