Chapter 03 - "SOULMATES"

827 165 10
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

ගිම්හානය කියන්නේ කොරියාවට රස්නය වැඩියෙන්ම දැනෙන කාලය... ඒ නිසාමදෝ පන්තියේ ළමයින්ගේ අත් වල එක එක විදිහේ හැඩයේ එක එක පාට පොඩි fans (mini fans) තිබුනත් මං ඉතින් සුපුරුදු පරිදි අත් වලිනුයි පොත් වලිනුයි පවන් ගහ ගහ හිටියත් මගේ ඇස් නම් තිබුනේ වෙන තැනක. Classmates ලා තැනින් තැන එකතුවෙලා කතා කර කර හිනා වෙවී හිටියත් මං ඩෙස් එකේ ඔලුවත් තියාගෙන ඒ ලස්සන මූණ දිහා බලාගෙන හිටියේ නිකන් දැහැනකට සමවැදිලා හිටියා වගේ.

ඒත් එකපාරටම මං ඒ දැහැනෙන් මිදුනේ ඒ ඇස් දෙක එක පාරටම මගේ පැත්තට එල්ල වුණ නිසයි. මාත් ක්ෂණයකින් මගේ ඇස් වෙනතකට යොමු කලේ ඒ බැල්මෙන් බේරෙන්න වගේම මගේ හදවත අසාමාන්‍ය ලෙස ගැහෙන එක නවත්තගන්නයි. ඒත් එක්කම වගේ school end bell එක වැදුන නිසා මං ඉක්මනින් එතනින් නැඟිටලා ආවේ ටේහ්යුන්ග්නාවත් මග අරින්න ඕනෙ නිසාමයි.

අපේ Middle school life එක ඉවර වෙලා අපේ high school life එකත් පටන් ගත්තේ අපේ හිත් වලට තරමක බරක් එකතු කරන ගමන්මයි. මෙතන ඉන්න හැම ළමයටම වගේ ඉගෙන ගන්න එකට විතරක් හිත යොමු කරන්න තිබුන නිසා ඒ බර යම්තාක් දුරකට අඩු වුනත් මට නම් මට පුලුවන් තරමටත් වඩා බරක් දරන්න වුණා. ඒ මගේ හැල්මොනිට විතරක් අපි දෙන්නගේ වියදම් පියවන්න දෙන්න මට පුලුවන්කමක් නොතිබුණු නිසයි. ඒ නිසාම මං high school එකට ඇතුලත් වුන ගමන් පොඩි cafe එහෙක part time job එකක් හොයා ගත්තේ.

ඒ මොන දේ කලත් හැම වෙලාවදිම මගේ හිතේ කෙනෙක් හොල්මන් කලා. ඒ කිම් ටේහ්යුන්ග්ගේ රූපයයි. මගේ කරුමෙටද වාසනාවටද මන්දා මගේ හිතේ ඇති වුන පලවෙනි ආදරයත් එක්ක මං තාම හරියට කතා කරලත් නෑ. මං කතා කරන්න හැදුවත් ඉතින් ටේහ්යුන්ග්නා කතාවට එනනෙත් නෑ. ඒ නිසාම දැන් මාස ගානක ඉදන්ම මං මේ හැඟීම කාටවත් නොපෙනෙන්න හංගගෙන හිටියා. අදත් ඉතින් ඒ වගේම මගේ side love එකත් එක්කම ගෙවිලා ගියේ මටත් නොදැනීමයි.

පහුවෙනිදා උදේම මං පන්තියට ගියේ එදා පන්තිය අස් කරන්න තිබුනේ මට නිසයි. පන්තියත් අස් කරලා මං class එකේ දාලා තිබුන වීදුරු ජනෙල් වලින් එළිය බලාගෙන හිටියේ උදේ school එකේ තිබුන ලස්සන සෞම්‍ය පරිසරය දිහායි. ඒත් එකපාරටම මාව ගැස්සිලා ගියේ පිටිපස්සෙන් ඇහුන උගුර පාදන හඬක් නිසයි. ඒ ක්ෂණයකින් මං ඒ පැත්තට හැරිලා බැලුවේ කවුද ඒ කියලයි. ඒ හිටියේ මං හැමදාම දකින්න ආස වුණු කෙනයි.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now