Chapter 06 - "LOST"

870 165 19
                                    

▪▪▪(Taehyung’s POV)▪▪▪


Park Shin Ae...
ඒ නම ඇහෙද්දී ඉස්සර නම් මං එච්චර ගනන් ගත්තේ නෑ. ඒත් මාවම පුදුමට පත් කරමින් මං එයාට කිහිප වතාවක් උදව් කරපු වෙලාවල් වලදී නම් මටත් මං ගැනම හිතා ගන්න බැරිව ගියා. ඒ කෙසේ වෙතත් මට කාවවත් විශ්වාස කරන්න ඕනි නෑ ජීමිනාව ඇරෙන්න. අනිත් අයට ඕනි මං ආදරේ කරන අයගෙන් මාව වෙන් කරන්න විතරයි. හරියට මාව මගේ ඔම්මගෙන් වෙන් කලා වගේ. ඒ නිසා මං කාවවත් විශ්වාස කරන්නේ නෑ. ඒක මං මටම වෙච්ච පොරොන්දුවක්.

මං ෂින්ඒත් එක්ක ටිකක් හරි කතා කලේ ජීමිනා එයත් එක්ක ලොකු මිත්‍රකමකින් හිටිය නිසයි. එයාගේ නරකක් නොපෙනුනත් මට කොහෙත්ම ඕනි නෑ කාවවත් විශ්වාස කරන්නවත්, ආදරය කරන්නවත්. එයත් අනිත් අය වගේම ඇති. මොකද හැමෝම කරන්නේ මාව සෙල්ලමකට අරන් මාව රිද්දවන එක විතරයි. මිනිස්සුන්ව මූණෙන් බලලා කොහොමද කියලා කියන්න පුලුවන් නම් මොකක්ද කරන්න බැරි.?

ඒත් ෂින්ඒ නිතර මං දිහා බලාගෙන ඉන්නවා වගේම එයා මං ගැන care කරන විදිහ මට පොඩි අපහසුතාවයක් ගෙනාවත් හිතේ යටට වෙන්න අමුතු විදිහේ සතුටකුත් නොදැනුනාම නෙමේ. මොකද මං ගැන කවුරුහරි හොයලා බලන එක ගැන පිටතට නොපෙන්නුවත් මං ඇතුලතින් සතුටු වුණා ඒ ගැන. ජීමිනා නිතර මං ගැන හොයලා බලලා, මාත් එක්කම ඉන්නවා වගේ මට ඕන හැමකෙනෙක්ම මං ගැන හොයලා බලනවා දකින්නයි. ඒත් මට ඕනේ නෑ කාවවත් ළං කර ගන්න. ඒකෙන් වෙන්නේ මට රිදෙන එක විතරයි. මට ඕනේ නෑ මං ඔම්මා නැතිව විඳින පාලුව තවත් කෙනෙක් නිසා ආයෙමත් අත්විඳින්න.

ඒත් මං හිතන් හිටිය ඒ හැමදෙයක්ම වෙනස් වෙලා ගියේ ෂින්ඒගේ යාළුවා අපේ school එකට ආවමයි. එයා ගැන මගේ හිතේ කැමැත්තක් ඇති වුණේ මටත් නොදැනීමයි. හරියට love in first sight වගේ. මට හ්යේමියා ගැන කොච්චර ආදරයක් ඇති වුණාද කිව්වොත් මං ජීමිනාට කියන්නත් කලින් හ්යේමියාට කිව්වා මං එයාට කැමතියි කියලා. මං සාමාන්‍යයෙන් ජීමිනාට හැම දෙයක්ම කියනවා වුනත්, මට තේරෙන්නේ නෑ ඇයි මං මේක මුලින්ම ජීමිනාට නොකිව්වේ කියලා. ඒත් හ්යේමියාත් මට කැමතියි කිව්වට පස්සේ මං ජීමිනාට හැමදේම එකක් නෑරම කිව්වා. මොකද මගේ අප්පට මේ ගැන නොකිව්වත්, ජීමිනාට නොකියා ඉන්න මට කිසිම පුලුවන්කමක් නෑ.

හ්යේමියා මට කැමතියි කිව්ව දවස කියන්නේ මට හිතෙන විදිහට මං ගොඩ කාලයකට පස්සේ වැඩියෙන්ම සතුටු වුණ දවසක් ඒ. එදා ඉදන්ම මං හැමදාකම උදේ ඇහැරුන වෙලාවේ ඉදන් ඒ මූණ එදා දවසේදී දකිනකන් ඒ ගෙදර හිටිය පැය ගාන කොච්චර අමාරුවෙන්ද හිටියේ කියලා මං විතරයි දන්නේ. ඇත්තම කිව්වොත් හ්යේමියා අඳුරු වෙලා තිබුන මගේ ජීවිතේට නැවුම් ආලෝකයක් අරන් ආවා. හරියට රෑ අඳුරු අහසට හඳ ආලෝකයක් වෙනවා වගේ.

ඒත් මට සමහර වෙලාවට හ්යේමියා මටත් වඩා ෂින්ඒ ගැන හොයලා බලද්දී නම් මගේ හිතට ඊර්ෂ්‍යාවක් ආවත්, එයත් ජීමිනා ඕනම වෙලාවකදී මං වෙනුවෙන් මට හයියක් වෙලා ඉන්නවා වගේ, එයාගේ යාළුවට සවියක් වෙන්නනේ උත්සාහ කරන්නේ කියලා මං හිත හදා ගත්තා.

මං දැනන් හිටියා ෂින්ඒට මං ගැන කැමැත්තක් තියෙනවා කියලා, ඒත් එයත් මට නෙමේ කැමති වෙන්න ඇත්තේ, මගේ සල්ලි වලටයි. මට ඕනේ මට ආදරේ කරන කෙනෙක් මිසක් මගේ සල්ලි වලට ආදරේ කරන කෙනෙක් විතරයි. මට එහෙම කෙනෙක්ට පෙනුනේ හ්යේමියාව විතරයි. ගොඩක් අය කරන්නේ බොරු හිනාවකින් තමන්ගේ ඇත්ත ස්වරූපය හංගගෙන ඉන්න එකයි.

මං කොහොමහරි හ්යේමියා ෂින්ඒත් එක්ක ඉන්න එක ගැන ‘එයාලා යාළුවෝ නිසානේ ඒ’ කියලා හිතා ගන්න හැදුවත් සමහර වෙලාවට මගේ යටි හිත කිව්වේ ෂින්ඒට ඕනේ හ්යේමියාව මගෙන් ඈත් කරන්න වෙන්න ඇති කියලයි. මට දැනුනේ ෂින්ඒට ඕනේ හ්යේමියාව මගෙන් ඈත් කරලා, එයා මට ලං වෙන්න හදනවා වගෙයි. ඒත් ඒ හැඟීම යටපත් කරගන්න මං හැම තිස්සෙම උත්සාහ කලා. ඒත් මට අද school එකේදී ඇහුන දේ නිසා මගේ ළඟ එයා ගැන තිබුන පුංචිම විශ්වාසය පවා නැති වෙලා ගියා.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now