Chapter 05 - "PAINFUL HEART"

883 165 23
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

කෙනෙකුට ලැබෙන ලැබීම් අතරින් ආදරය කියන දේ පුද්ගලයාගෙන් පුද්ගලයාට ලැබෙන්නේ එක එක ප්‍රමාණයන්ගෙන්. මට නම් ආදරය කියන ලැබීමට වෙන් වෙලා තියෙන ඉඩකඩ බොහොම සීමිතයි කියලයි මට හිතුනේ. ඒ තරමටම මට ආදරය කියන දේ ලැබුනේ බොහොම අඩුවෙන්. ඒත් මං මට ලැබුන ආදරය කොහොම හරි රැක ගන්න ඕන නිසාමයි මං මගේ ආදරය මගේ යාළුවා වෙනුවෙන් හංගන්න තීරණය කලේ. මොකද මට ආදරය දැනෙන්න ආදරය කරපු අයගෙන් කෙනෙක් තමයි මගේ චින්ගුවා. ඒ නිසා මට ඒ ආදරේ රැක ගන්න ඕනි.

හ්යේමියාගෙයි ටේහ්යුන්ග්නාගෙයි ආදරය හරිම ලස්සන විදිහට ගලාගෙන ගියා. ඇත්තටම කිව්වොත් මට වෙලාවකට සතුටුත් හිතුනා මාත් ඒ දෙන්නගේ ලස්සන ආදරය වෙනුවෙන් යමක් කලා නේද කියලා. ඒ වගේම මං සතුටු වුණා ඒ දෙන්නගේ ලස්සන ආදරය දැකලා. හ්යේමියාවයි ටේහ්යුන්ග්නාවයි දකින ඕනම කෙනෙක් ඉබේම කියවෙනවා ‘lovely matching couple එකක්’ කියන වචන හතර.

ඒ දෙන්නාම ටිකක් මුරණ්ඩු නිසා චූටි චූටි රණ්ඩු ඇති වෙනවා. ඒත් ඒ විනාඩි දෙක තුනකට විතරයි. ඒ දෙන්නට දෙන්නා ඒ තරම් ආදරේ කලා. මට ඒ හැම දේකටම වඩා සතුටු හිතුනු තව දෙයක් තිබුනා. ඒ හ්යේමියා එක්ක ඉන්න කොට ටේහ්යුන්ග්නාගේ ලස්සන හිනාව ටිකක් ටිකක් එළියට ආව එක. ඇත්තටම වෙලාවකට ඒ හිනාව ආයෙමත් ආව එකම මගේ හිතට ලොකු සැනසීමක් වුණා.

ජීමින් සම්බේ නම් මුල ටිකේදී ටිකක් අවුලෙන් හිටියා මට එයාගෙන් වැරුද්දක් වුණා කියලා. ඒත් කොහොම හරි ටික දවසකින් ඒක එහෙම නෑ කියලා තේරුම් කරලා දෙන්න මට පුලුවන් වුණා. මොනා වුනත් දැන් නම් සම්බේගේ මූණේ තිබුණු හිනාව තවත් දීප්තිමත් වෙලා කිව්වොත් හරි. මොකද ඒ ටේහ්යුන්ග්නා ටික ටික සාමාන්‍ය තත්වයට පත් වෙමින් හිටිය නිසා.

◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇◇

“හැල්මොනි.., ඔයා අද වැඩට යන්න එපා... මේ අසනීපෙන් ඉදන් කොහෙ වැඩට යන්නද..?”
මං school යන්න ලෑස්ති වෙලා හැල්මොනිට එහෙම කිව්වේ ඊයේ රෑත් හැල්මොනි අමාරුවෙන් හිටිය නිසයි.ඒත් මං නම් හොඳටම දන්නවා හැල්මොනි මං කොහොම කිව්වත් වැඩ කරන්න යන එක නවත්තන්නේ නෑ කියලා.
“අයිගෝ... මට දැන් හොඳයි ළමයෝ...”
හැල්මොනි මගේ කම්මුලක් හිමින් මිරිකන ගමන් ආදරයෙන් කිව්වා.
“හැල්මොනිත් පොඩි ළමයෙක් වගේ හරිම මුරණ්ඩුයි...”
මං බොරුවට තරහින් වගේ අනිත් පැත්ත හැරිලා කියද්දී හැල්මොනි ආයෙමත් මාව එයාගේ පැත්තට හරව ගන්න ගමන් කතා කලා.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now