Chapter 07 - "UNEXPECTED"

842 159 26
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

ඊයේ රෑ අඬලා අඬලම උදේ නැඟිටිද්දී ඇස් දෙක හොඳටම ඉදිමිලා. ඒ විදිහට නැඟිටින එක දැන් නම් පුරුද්දට ගිහින් වගෙයි මට. තනිවුණ කෙනෙක් කඳුළු කියන්නේ එයාගේ යාළුවෙක් වගෙයි හරියට. දුක හිතෙන හැම වෙලාවකදිම ළඟ ඉන්නේ කඳුළු විතරයි ඒ වේදනාව දිය කරලා දාන්න. වෙනදා වගේම අදත් උදේ පාන්දරම fridge එක ළඟට ගියේ අයිස් කැටයක්වත් තියාගෙන ඇස් වල ඉදිමුම බස්සවා ගන්න ඕන නිසයි. ඒත් fridge එක ඇරියාට පස්සෙයි මතක් වුණේ, මේ පුංචි apartment එකට ආවේ ඊයේ නිසා, fridge එකේ අයිස් කැටයක් තියා හදිසියකට කන්න දෙයක්වත් නෑනේ කියලා. ඒත් එක්කම ලොකු සුසුමක් පිටවුණේ මටත් නොදැනීමයි. ඒ හිතේ තියෙන හිස් බව නිසාද නැත්තන් මේ තනිකම නිසාද කියලවත් තේරුම් ගන්නවත් මට ඕනේ නෑ. මොකද ඒ මොකෙන් වුනත් අන්තිමට රිදෙන්නේ මගේ හිතයි.

Bathroom එකට ගිහින් පැය කාලක් විතර මූණ වතුර බේසමක ඔබාගෙන හිටියේ අද කොහොමහරි මේ ඇස්වල ඉදිමුම බස්සවා ගන්න ඕන නිසයි. රස්සාවට යන පලවෙනි දවසෙම බාගෙට මැරුන කෙනෙක් වගේ යන්න බෑනේ. විනාඩි තිහකට විතර පස්සේ bathroom එකෙන් එළියට එන්න කලින් මං bathroom එකේ තිබුන mirror එකෙන් මගේ මූණ දිහාම බලලා හිනා වුණේ, මං මාව වගේම මාව දකින හැම කෙනෙක්වම මේ මූණත් එක්ක ‘මං හොඳින්’ කියලා රවට්ටනවා නේද කියලයි. හැමෝම හිතනවා ඇති මේ කෙල්ල නම් හරිම සැහැල්ලුවෙන් ඉන්න කෙනෙක් කියලා. ඒත් මං විතරයි දන්නේ මං හිත ඇතුලෙන් කොච්චර නම් තනි වෙලාද ඉන්නේ කියලා.

හැමකෙනෙක්ම හිතන්නේ කෙනෙක් ලස්සනයි, දක්ෂතාවයයි තිබුනම එයාට හැම දෙයක්ම ලැබිලා තියෙනවා කියලයි. මටත් මගේ ඔම්මාගෙනුයි, අප්පාගෙනුයි ඒ ලස්සන කියන දේයි දක්ෂතාවය කියනදේයි නම් ලැබිලා තිබුනා. ඒත් ආදරය කියන දේ නම් මට හැම වෙලාවකදිම අතරමගදී අතුරුදහන් වෙලා යනවා. කොහොමත් මං ආදරය ලබන්න තරම් වාසනාවන්ත නැතුව ඇති. මුලින්ම මට මගේ ඔම්මගෙයි අප්පගෙයි ආදරය නැති වෙලා ගියා. ඊට පස්සේ මගේ හැල්මොනි, මගේ චින්ගුවා වගේම මගේ පලවෙනි ආදරෙත් මට නැති අහිමි වෙලා ගියා. පලවෙනි ආදරේ අහිමි වෙලා ගියා විතරක් නෙමේ එයා මේ ලෝකේ වැඩියෙන්ම වෛර කරන කෙනාත් මං වෙලා තියෙන්නේ මේ වෙනකොට. එයා කොච්චර වෛර කරත් මේ හිත තාමත් ටේහ්යුන්ග්නා වෙනුවෙන් විතරක් වෙන් වෙලා තියෙන එක ගැන මටත් හිතා ගන්න බෑ.

°°LIGHT ON ME°° (COMPLETED)Dove le storie prendono vita. Scoprilo ora