Chapter 04 - "FRIENDS ONLY"

805 166 24
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

“ඔයා ටේහ්යුන්ග්ට කැමතියි නේද..?”

ජීමින් සම්බේ එකපාරටම මගෙන් එහෙම අහද්දී මාව එක තැන ගල් ගැහුනා වගේ වුණා.
“ස...සම්බේ ම්...මේ එ...එහෙම...”
“ඕඕඕඕ... එහෙම තමානේ... wow... මට තේරුණා ඒක...”
එකපාරටම සම්බේ හිනාවෙවී උඩ පැන පැන එහෙම කියද්දී මට සම්බේ දිහා නිකන්ම බැලුනා. ඇයි මේ සෙනඟ ගොඩේ උඩ පැන පැන හිනා වෙද්දී මිනිස්සුන්ට හිතෙයිනේ පිස්සු කියලා.

“ඔන්න මං නම් Ok...”
“අහ්..???”
හිනාවෙවී ඉදලා එකපාරටම ජීමින් සම්බේ කියපු එක නොතේරුන නිසා මං සම්බේ දිහා බැලුවේ නොතේරුන විදිහේ බැල්මකුත් එක්කමයි.
“අයියෝ කෙල්ලේ මං කිව්වේ, මං එක පයින්ම කැමතියි කියලා...”
ජීමින් සම්බේ මං දිහා බලලා හිනා වෙන ගමන් කිව්වා. මට නම් ඒ වෙලාවේ ටිකක් ලැජ්ජත් හිතුනා.

“දැන් ඔයාගේ ලැජ්ජාවට ඔය පොලවේ තියෙන පස් ටික පලිද ආආ ෂින්ඒ...??”
ජීමින් සම්බේ මගේ කකුල දිහාට අත දික් කරලා පෙන්නන ගමන් එහෙම කියද්දී මං කලේ සම්බේ දිහායි බිම දිහායි බල බලා හිනා වුන එක විතරයි.
“හේයි... එන්නකෝ අපිට මේ සෙනඟ අස්සේ ඔය වගේ serious දේවල් කතා කරන්න බෑ...”
එකපාරටම ජීමින් සම්බේ එහෙම කියාගෙනම මාව ඇදන් ගියේ ළඟ තිබුන පොඩි children park එහෙකටයි. එතන තිබුන පොඩි බෙන්ච් එහෙක මට ඉඳ ගන්න කියලා සම්බේ bag එකත් මං ළඟින් තියලා, කොහෙටද මන්දා දිව්වා. විනාඩි දෙකකින් විතර ආයෙත් එද්දී ice coffee දෙකකුත් අතේ අරගෙනමයි සම්බේ ආවේ. ඒ එක coffee එකක් මගේ අතට දෙන ගමන් සම්බේත් මට එහා පැත්තෙන් ඉඳගෙන coffee එක බිබී කතා කරන්න පටන් ගත්තා.

“ෂින්ඒ.., ඔයා නොදන්නවා වුණාට, කෙල්ලෝ ගොඩාක් ටේගේ ලස්සනයි එයාගේ සල්ලියි නිසා එයාගේ පස්සෙන් ආවා... ටේ කොහොමත් කැමති නොවෙන එක වෙනම කතාවක්... ඒකා කොහොමත් ඉන්නේ හැඟීම් දැනීම් නෑ වගේනේ... ඒත් මාත්, ටේ ඒ එක කෙල්ලෙක් එක්කවත් නිකන්වත් යාළු වෙනවට කැමැත්තක් තිබුනේ නෑ... මොනා වුනත් ටේහ්යුන්ග්නා කියන්නේ මගේ හොඳම යාලුවානේ... ඒ නිසා එයා ගැන වගකීමක් මටත් තියෙනවානේ... එහෙම නේද..?”
ජීමින් සම්බේ මං දිහාට හැරිලා අහද්දී මං ඔලුව හිමින් ඉහලට පහලට වැනුවේ ඔව් කියන්නයි. තත්පර ගානක නිහඬ බවකින් පස්සේ ජීමින් සම්බේ ආයෙමත් කතා කරන්න පටන් ගත්තා.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now