Chapter 15 - "BEGINNING OF A STORM"

893 137 24
                                    

▪▪▪(Shin Ae’s POV)▪▪▪

“ආ... යේ (yes)... සම්චුන්... මං ඉතින් අවුලක් නැතුව වැඩ කරගෙන යනවා...”
“අරස්සෝ සම්චුන් (ok uncle)... මට වැඩක් තියෙනවා... මං එහෙනම් තියනවා... නූනා..!”
Call එක ඉවරවෙන කොටම වගේ ජන්ග්කුකා මගේ පැත්තට හැරෙන ගමන් ඇහුවේ හිනාවක් එක්කමයි.
“මං නිසාද call එක cut කලේ..?”
මං එහෙම ඇහුවේ මං එයාගේ call එකට බාධා කලාදෝ කියලා මට හිතුන නිසයි.
“ආනියා (no)... ආනියා නූනා... මං බලාගෙන හිටියේ ඒ call එක ඉවර වෙන්නේ කොයි වෙලාවෙද කියලයි... නූනා දන්නවානේ අපේ සම්චුන්ට මං එච්චර කැමැත්තක් නෑ කියලා... එයාට උවමනාවක් තිබුනොත් විතරයි එයා මට කතා කරන්නේ... ඒ නිසා නූනා ආව එක ලොකු දෙයක්... ඒත් පුදුමයි සම්චුන් නිකන් මට කතා කලා කියද්දීත්... සාමාන්‍යයෙන් එයා එහෙම කතා කරලා මගෙන් දුක සැප අහන කෙනෙක් නම් නෙමෙයි... අනේ මන්දා ඉතින්... ඒත් නූනා ආවේ වැඩකටද මේ එකපාරටම..?”
ජන්ග්කුකා පොඩි ළමයෙක් වගේ ඇස් දෙකත් ලොකු කරගෙන ඇහුවේ පුංචි හිනාවක් මූණේ රඳවාගෙනමයි.

“වැඩකටමත් නෙමේ... ඒත් ජන්ග්කුකා ඇයි ඔයා Japan වල තියෙන project එකට එන්න බෑ කිව්වේ..? හැමෝම යන්න try කරනවා ඒ project එකට... ඔයාට තමා එන්න බැරි... මං තරහයි...”
“අනේ නූනා...”
මං බොරුවට තරහෙන් වගේ අනිත් පැත්ත හැරිලා එහෙම කියද්දී ජන්ග්කුකා මං ගාවට ඇවිත් ඉඳගත්තා.
“Mr. Kim ද කිව්වේ මාව කොහොමහරි එක්කගෙන එන්න කියලා... මොකද Mr. Kim ට කලින් මං කිව්වනේ මං මෙහේ වැඩ ටික බලා ගන්නම්, ඔයාලට යන්න කියලා...”
ජන්ග්කුකා හිනාවෙවී එහෙම කිව්වේ නිකන් මගේ හොරයක් අල්ල ගත්තා වගේ. ඒත් ටේහ්යුන්ග්නා Japan වල තියෙන project එකට ජන්ග්කුකාවත් කොහොමහරි එක්කගෙන යමු කියපු එකත් එක හේතුවක් වුනත්, මටත් ජන්ග්කුකාත් එක්ක කොහෙහරි ගිහින් ඉස්සර කාලේ වගේ සතුටින් විනෝදෙන් ඉන්න උවමනාවක් තිබුණා.

“හරි හරි ඉතින් Mr. Kim කිව්වා ඔයාවත් කොහොමහරි එක්කගෙන යන්න ඕනි කියලා... මොකද investors ලට හිත යන විදිහට කතා කරන්න පුළුවන් හොඳම කෙනා ඔයා නිසා... ඉතින් අපි යමුකෝ කුකියෝ... අපිට එහෙ ගියාම හොඳට enjoy කරන්නත් පුළුවන්නේ...”
“ඒත් නූනා... Management section එකේ කිහිප දෙනෙක්ම යන්වනේ... ඒ නිසා ඉතින් මං...”
“අනේ චෙබල් කුකියෝ... අපි කට්ටියම යමු ඉතින්...”
“ඒත් නූනා...”
“අනේ...”
මං එකදිගටම ජන්ග්කුකාට යමු යමු කියලා කියපු නිසාම ජන්ග්කුකා අන්තිමට Japan project එකට යන්න කැමති වුණා.
“කුමාවෝයෝ Bunny boy...”
“අහ්..! නූනා... මට ඔය නමින් වෙන අය ඉස්සරහදි නම් කතා කරන්න එපා හොඳේ...”
මං කම්මුල් දෙකෙන් මිරිකන ගමන් කියද්දී මං ජන්ග්කුකා මූණත් ඇඹුල් කරගෙන එහෙම කිව්වේ ලැජ්ජාවෙන් වගේ.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now