Chapter 28 - "THE TRUTH UNKNOWN"

644 138 27
                                    

▪▪▪(Shin Ae's POV)▪▪▪

‘මට ජීවිතයේ ලොකු කාලයක් මග ඇරුනා.’ මං කෝමා එකේ හිටිය කාලේ වගේම මතකේ නැතිව හිටිය කාලේ ගැන හිතද්දී මට හිතුනේ එහෙමයි. මාස හතරක් පහක් කියන්නේ පොඩි කාලයක්නේ කියලා සමහර අයට හිතෙන්න පුළුවන්. ඒත් එහෙම හිතන්න පුළුවන්කමක් තියෙන්නේ ජීවිතේ ඔහේ ගෙවිලා යන අයට කියලයි මට නම් හිතෙන්නේ. ජීවිතේ විඳින්න ආසාවෙන් ඉන්න අයට තත්පරයක් ඔහේ ගෙවිලා ගියත් ඒ කාලය අපරාදේ කියලා හිතෙනවා ඇති මේ මට වගේම. මොකද මං ටේ එක්ක ලොකු ලොකු හීන ගොඩාක් මැව්වා ඒ කාලේ ඇතුලත කරන්න ඕනේ කියලා. ඒත් ගෙවෙන්න තිබුණු අවාසනාවකටදෝ, විඳින්න හිතන් හිටිය ඒ ජීවිතේ ටික කාලෙකට හරි මොනවත්ම නැතුව ඕහේ තිත් ඉරි ටිකකට සීමා කරන්න වුණා මට. ඒත් දෛවය මට කාරුණික වෙලා තව අවස්ථාවක් දීලා තියෙනවා ජීවිතේ විඳින්න කියලා. ඒ ගැන ඇත්තටම මට සතුටු වෙනවා වගේම ස්තූතිවන්ත වෙනවා මගේ දෛවය ලියන කෙනාට. ඇත්තෙන්ම අපි කව්රුවත් දන්නේ නෑ අපිට කොයි වෙලාවක කොහොම අපේ ආදරණීයන්ව දාලා මේ ලෝකෙන් යන්න වෙයි කියලා. හරියට මගේ ඔම්මා අප්පා, හැල්මොනි වගේම හ්යේමියාත් මං කවදාකවත් නොහිතපු විදිහට මාව දාලා ගියා වගේ. කොටින්ම කියනවා නම් මාත් ඒ අත්දැකීම විඳපු කෙනෙක්. මරණය කියන දේ පෙනි පෙනී තියෙද්දී, මට අවස්ථාවක් ලැබුනා ආයෙමත් මං ආදරේ කරන අය ළඟට එන්න. ඒ නිසාමයි මට ඕන වුණේ ඒ අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න. මේ ජීවිතේ මං ආදරේ කරන අයත් එක්ක විඳින්නයි මට දැන් ඕනේ.

ටේගෙන් ලැබුනු උණුසුම් හාදුව උපරිමයෙන් විඳින ගමන්ම මං ටේගේ බෙල්ල වටෙන් අත අරන් ගියේ මාව පාලනය මගේ හිතට දෙන ගමන්මයි. ඒත් ටික වෙලාවකින් දෙන්නම හුස්ම අල්ලන ගමන් ඈත් වෙද්දී මට ලැජ්ජාවක් දැනුනු නිසාම ටේගේ බෙල්ල අස්සෙම මං මගේ මූණ හංගගත්තේ මගේ මූණට ආයෙමත් ලේ පිරෙනවා වගේ දැනෙද්දියි.

“ෂින්ඒයා.., මේ දේ ගැන ඔයා දැන ගන්නම  ඕන නිසයි මං මේ දේවල් ඔයාට කියන්නේ.., ඒ නිසා...”

“[DingDong..🔔DingDong..🔔🔔”

ටේ මොනවා හරි දෙයක් කියන්න උත්සාහ කරන බව මට තේරුණේ., මාව discharge කරලා ගෙදර ගෙනාපු දවසේ ඉදන්මයි. ඒත් ඒ හැම වෙලාවකදිම එයාම කතාව වෙන පැත්තකට හැරෙව්ව නිසා මං බලාගෙන හිටියා ටේට හොඳයි කියලා හිතුනු වෙලාවක ඒ හැම දෙයක්ම කියයිනේ කියලා. අද ඒ ගැන කියන්නද මන්දා ලෑස්ති වෙද්දිම, එකපාරටම door bell එක වැදුනු නිසා ආයෙම වතාවක් මට ඒ දේවල් දැන ගන්න තිබුණු අවස්ථාව නැති  වුණා. මං ගිහින් දොර ඇරියේ, අපේ කතාවට බාධා කරමින් door bell එක ගැහුවේ කවුද කියලා බලාගන්න කියලා වුණත්, දොර ඉස්සරහ හිටන් හිටිය දෙන්නව දකිද්දී හිතේ ඇතිවුණ නොමනාපය ඉබේම නැති වෙලා ගියා.

°°LIGHT ON ME°° (COMPLETED)Where stories live. Discover now