chapter 3

1.4K 249 104
                                    

@jeon house.....

Author's P.O.V.

     මෙච්චර වෙලා  රෙඩ් අයි ලත් එක්ක කේන්තියෙන් පිපිරි Jk හිටියෙ ඊයෙ රෑ උන වලියෙන්  නැති උනේ එයාට හිටපු දක්ශ විශ්වාසවන්ත සීනියර් ගැන්ග් මෙම්බර් කෙනෙක් නිසා.අඩුම තරමෙ ඒ මෙම්බර්ගෙ බොඩි එකවත් ගන්න Jk ට බැරි උනේ එතකොටත් එතනට පොලීසියෙන් ඇවිත් තිබුන නිසයි. ඒ උනත් Suga  මේ දැන් ගෙනාපු ආරංචියෙන් Jk ගෙ මූනෙ කපටි හිනාවක් ඇඳුනෙ Red I ලගෙන් පලිගන්න එයාට අවස්තාවක් අතටම ලැබුන නිසයි.

Flashback

  Jk P.O.V

  "ජන්කුක් අපිට සෝහගෙන් ඔත්තුවක් ලැබුනා." Suga  කලබලෙන් වගේ දුවන් ඇවිත් මගෙ ඉස්සරහින් ඉඳගත්තෙ ලොකු කතාවක් කියන්න වගේ.ඒත් සෝහගෙන් මොකද්ද ලැබුන ආරංචිය .සෝහ කියන්නෙ මන් අර තන්ඩර් කැට් කියන වෙපන් ඩීලර් ලඟට දාපු ඔත්තුකාරයනෙ.

"හෙට රෑ 10 ට  තන්ඩර්කැට්ගෙ වෙපන් පිරිච්ව බෝට්ටු පහක් බුසාන් වරායට එනව . එතනින් එක බෝට්ටුවක් රෙඩ් අයිලට වෙපන් සප්ලයි කරනව.ඉතුරු බෝට්ටු හතරම රෙඩ් අයි ගාර්ඩ් එක යටතේ ජපානෙට යන ප්‍රයිවට් ප්ලේන් එකකට දානවා.ඒකියන්නෙ වරායෙ ඉඳන් බුසාන් එයාර්පෝට් එකට යනකම් වෙපන්ස් ගාර්ඩ් කරන්නෙ රෙඩ් අයිල.මේක ලොකු ඩීල් එකක් .අනිවා ඔතනට RM ,Hope ,V තුන් දෙනා එනව.අපිට ඔය තුන් දෙනාගෙන් එක්කෙනෙක්ව ඉවර කරන්න පුලුවන් උනොත් රෙඩ් අයි ගැන්ග් එකම කනපිට හැරෙනව.ඒ වගේම රෙඩ් අයිල මිශන් එක ෆේල් උනොත් රට හරහා කරන illegal වෙපන් බිස්නස් සේරම අපේ අතේ.එක ගලෙන් කුරුල්ලො දෙන්නයි." 

   "Suga ඔය වැඩේ හිතන තරම් ලේසි නෑ .මොකද RM  ගෙ ප්ලෑන් කවදාවත් වරදින්නෙ නෑ.ඒත් රෙඩ් අයිලගෙන් පලිගන්න අපිට තියන හොඳම අවස්තාව මේක .අපිට හොඳ ප්ලෑන් එකක් ඕන..සෙක්ශන් හෙඩ්ලත් එක්ක මීටින්ග් එකක් ඇරේන්ජ් කරන්න Suga.අපේ දක්ශ ෆයිටර්ස්ල ටීම් දෙකක් දැන්ම අපේ බුසාන් හොටෙල් එකට යවන්න.මොකද ඔක්කොම එකපාර බුසාන් ගියොත් අනිත් අයට සැකයක් ඇති වෙන්න පුලුවන්."

Flashback end

  Author's P.O.V

  විනාඩි කීපයකින් ජන්කුක් මීටින්ග් රූම් එකට ගියේ  ඉක්මනින් ප්ලෑන් එකක් හදාගෙන බුසාන් යන්න ඕන නිසාමයි.ජන්කුක් යනකොටත් Suga ඇතුලුව බ්ලැක් අයියූ සෙක්ශන් හෙඩ්ල ඔක්කොම මීටින්ග් රූම් එකේ හිටිය.

Under The Mask  ( Completed )Where stories live. Discover now