chapter 11

1.1K 199 77
                                    

Autor's p.o.v

චීෆ්ව හම්බෙලා එනගමන් ජින් ටේමින්ට අද රෑ නම්ජූන් එක්ක පොලිස් ස්ටේශන් එකේ ඉන්න කියල ගෙදර ගියේ චීෆ්ට සැකයක් ඇති නොවෙන්නයි.RM කියන්නෙ ඇත්තටම කවුද කියන එක චීෆ් නොදැන ඉන්න එක තමයි ජින්ට තිබුන එකම වාසිය.ඒ නිසා එයා ප්ලෑන් කලේ ටේමින්ගෙත් උදව් ඇතුව කාටවත් සැක නොහිතන විදියට නම්ජූන්ව අපහු පරිස්සමෙන් ගෙදර යවන විදියක් ගැන. මේ වෙලාවෙත් ජින් පොලිස් ස්ටේශන් එකට ගියෙ නැත්තෙ එයාගෙ පස්සෙන් කවුරුහරි ෆලෝ කරොත් ෆලෝ කරන කෙනාට සැකයක් ඇති වෙන නිසා. චීෆ් කියන්නෙ දක්ශයෙක්. ඒ නිසා ජින්ට හැම අතින්ම පරිස්සම් වෙන්න සිද්ද වුනා.

🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅🌅

Next day morning
@seoul police station

Author's p.o.v

උදේම පොලිස් ස්ටේශන් එකේ එයාලගෙ රූම් එකට එනකොටත් නම්ජූන්ට පුටුවක් උඩ නින්ද ගිහින් තිබුන. ටේමිනුත් කම්පියුටර් එකේ වැඩක් කර කර ඉන්න ගමන් කීබෝර්ඩ් එක උඩම නින්ද ගිහින්.තමන්ගෙ නොසන්සුන් වෙලා තියෙන හිත සන්සුන් කරගන්න ජින් රූම් එකේ එහාට මෙහාට ඇවිදිනකොට නින්ද ගිහින් හිටපු ටේමින්ට වගේම නම්ජූන්ටත් ඇහැරුනා.

" ගුඩ් මෝර්නින් හ්‍යුන් . ඔයා උදේම ආපු එක හොඳයි. මට වැඩ වගේකට හෙඩ් ඔෆිස් එකට යන්න තියනව.ඔයා මිස්ටර් නම්ජූන් එක්ක ඉන්න .බායි හ්‍යුන් 👋👋👋👋" ජින් ඒ දෙන්නට ගෙනත් තිබුන ඇමරිකානෝ එකකුත් අරන් ටේමින් නැගිටල දොර දිහාවට ගියා."

" ඒ ඒ ටේමින් දත් මැදල මූන හෝදන් යනව මනුස්සයො.තමුන් කුනු කෙල පෙරන්ද හෙඩ් ඔෆිස් යන්නෙ .අනිත් එක වැඩ ඉවර උන ගමන් පුලුවන් ඉක්මනින් එන්න.මට ඔයාගෙ උදව්වක් ඕනෙ." පිටවෙලා යන ටේමින්ට ජින් කෑගැහුවා.

" හරේ හ්‍යුන් .මන් ඉක්මනට එනෝ ." ටේමින් අතත් වනාගෙනම පොලිස් ස්ටේශන් එකෙන් එලියට ගියා.

"ජින් මොකක් හරි ප්‍රශ්නයක්ද ඔයාට .ඔයා හැසිරෙන්නෙ අමුතු විදියට අද.🙄🙄🙄🙄🙄" ජින්ගෙ නොඉවසිලිවන්ත හැසිරීම බලන් ඉඳල බැරිම තැන නම්ජූන් ඇහුව.

Under The Mask  ( Completed )Where stories live. Discover now