chapter 22

815 154 43
                                    

Author's p.o.v

  
   "ඔව් නම්ජූන් හ්‍යුන් . ඔයාල දන්න පාර්ක් ජීමින්ට ඒක කරන්න බෑ. ඒත් ඩාර්ක් ඩ්‍රැගන්ට පුලුවන්. මන් හිතන්නෙ හ්‍යුන් දන්නව ඩාර්ක් ඩ්‍රැගන් කියන්නෙ කවුද කියල."

   ජීමින් ඇහුවෙ ජින්ගෙන්.

   " WTF ජීමින් ඔයා කියන්නෙ මීට මාස තුනකට කලින් NIS secret  information තියන වෙබ්සයිට් එකට රිංගල ඒකෙ පිස්සු නටල තිබ්බෙ ඔයා කියලද."
 
   කට්ටියම කට බලියන් ඉන්න විදිය දැකල ජිමීන්ට නම් එයාගෙ හිනාව නවත්තගන්න බැරි වුනා.විශේශයෙන්ම එයාගෙ ආදරවන්තය ඉන්න විදිය දැකල.

  "  කහ්ම් කහ්ම්.........   ඔයාල පුදුම වෙලා ඉවර නම් අපි මේ ගැන කතා කරමුද. "

   අන්තිමට ජීමින්ම කතා කලේ අනිත් අය තමාත් ගල් ගිලගෙන වගේ එයා දිහා බලන් ඉද්දි.

  " ජීමින්ශී.............................  තවුසෙ.. තවුසෙ හැකර් කෙනෙක් වෙලා මොකද ඕයි එහෙනම් එක දවසක් ෆොටෝ එකක් එඩිට් කරගන්නවත් දන්නෑ  මාව කම්පියුටර් කෝස් එකකටවත් දාපල්ලකො කියල යුන්ගියගෙයි මගෙයි ඔලුව කන්න ගියේ. "

   ජන්කුක් කියනකොට ඔන්න මේ පාර හිනා වෙන්න අවස්තාව හම්බුනේ ටේට.

  " ඔයාල දන්නවද චිම්ට ඔච්චරම ඒ කෝස් එකට යන්න ඕන වුන හේතුව "

   ටේ කියනකොට ජීමින් ටේට රවාගෙනම කෑගහන්න ගත්ත.

   " ටේටේ තවුසෙ කට වැහුවෙ නැත්තම් මන් තවුසෙගෙ ජාතකෙත් දිග අරිනව ඈ."  

   කොහොමින් කොහොමහරි යාලුවො දෙන්න එක්කෙනාට එක්කෙනා බ්ලැක්මේල් කරගත්තු නිසා ජීමින් ඒ කෝර්ස් එකට යන්න හැදුවෙ එයාගෙ අක්ක ක්‍රශ් එක ඒකෙ උගන්නන නිසා කියන එක යුන්ගිට වගේම අනිත් අයටත් රහසක් වුනා.

🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲🎲

  " ජීමින් ඔයාගෙ වැඩේ පටන් ගන්න එහෙනම්. "

  කට්ටියම ජියොන් මැන්ශන් එකේ එක ලොකු රූම් එකක හිටියෙ. ඉඩකඩ අතින් සෑහෙන්ම ලොකු ප්‍රමානයක තිබුන මේ රූම් එකේ එක පැත්තක  කම්පියුටර්ස් තිබුන. ඒ වගේම රූම් එක soundproof කියල ඇතුල් වුන ගමන්ම අනිත් අයට තේරුනා . රූම් එකේ තවත් පැත්තක එක එක ජාතියෙ ගන්ස් කලෙක්ශන් එකක් වගේම තවත් පැත්තක සෝෆ එකකුත් එක්ක investigation board එකක් තිබුන.

Under The Mask  ( Completed )Where stories live. Discover now