Chapter 27

661 132 43
                                    

   "සන්සුන් වෙන්න බබී.. හිමීට ඒ දේවල් අපි එක්ක බෙදාගන්න."

  කරුනාවන්ත හඬකින් ජන්කුක් කියද්දි ටික වෙලාවක් ජන්කුක්ගෙ මූන දිහා බලන් ඉඳපු ටේ එයාගෙ කතාව පටන් ගත්තා.

   " ජොන්හ්‍යුන්.....  මගෙයි ජුනී හ්‍යුන්ගෙයි ලොකු අයියා......  මීට අවුරුදු පහකට කලින් අප්පයි මමයි එක්ක පාර්ටි එකකට ගියා. ඔයාල හැමෝම දන්නව ජුනී හ්‍යුන්ට කලින් Red I ගැන්ග් එක තිබුනෙ එයාගෙ යටතේ.  අප්පගෙ දකුනු අත වගේ හිටියෙ ලොකු අයියා. ලොකුවට සම්බන්ද වුනේ නැතත් ජුනී හ්‍යුනුත් ඒ කාලෙ ගැන්ග් එකේ වැඩ වලට හිටිය. එහෙම නේද ජූනි හ්‍යුන්."

  ටේහ්‍යුන් නම්ජූන්ගෙන් අහද්දි  නම්ජූන් ඒක අනුමත කරන්න වගේ ඔලුව හෙල්ලුවා.

  " ගැන්ග් එකට සම්බන්ද නොවුන එකම කෙනා මම. මට ඒ ගැන කිසිම ආසාවක් තිබුනෙ නෑ. අනික හ්‍යුන්ල  දෙන්නට පවා ඕන වුනේ  නෑ මාව ඒ වැඩ වලට සම්බන්ද කරගන්න.   තදටම  තිබ්බ නලු පිස්සුව නිසා මම ඒ කාලෙත් හිත යෙදෙව්වෙ ඒ දේවල් වලට විතරයි.  ඒත් ඒකට අපේ අප්පට ඕන වුනේ නෑ. එයාට ඕන වුනේ එයාගෙ පුතාල තුන් දෙනාවම එයාගෙ අඩි පාරෙ යවන්න. මම හ්‍යුන්ල දෙන්නගෙ අස්සෙයි ඔම්මගෙ අස්සයි හැමවෙලේම හුරතල් වෙවී ඉඳපු එක එයාට පේන්නම බැරි වුනා.  මම ඒ කිසි දෙයක් ගනන් ගත්තෙ නෑ.  ඒත් මගේ කරුමෙකට ඔම්මට අපිව දාල යන්න සිද්ද වුනා. "

  ටේහ්‍යුන්ට තේරුනා ජන්කුක්ගෙ අත්වලට මැදි වෙලා තියන එයාගෙ අත  තවත් තදින් ජන්කුක් අල්ල ගත්තු වග. අම්මව මතක් වෙලා පිට වෙන්න ගිය ඉකිය අමාරුවෙන් ගිලගෙන ටේහ්‍යුන් ජන්කුක් දිහා බලන් ආයාසයෙන් හිනා වුනා. හැමෝම ටේහ්‍යුන් ආපහු කතා කරනකම් ඉවසීමෙන් බලන් ඉඳිය.

  " ඔම්මගෙ මරනෙන්  අවුරුද්දකට විතර   පස්සෙනෙ  ඒ පාර්ටි එක තිබුනෙ.  පාර්ටි එකට මුලින්ම යන්න හැදුවෙ අප්ප විතරක් වුනාට එදා ගෙදර ඉඳන් වීඩියෝ ගේම් වගයක් ප්ලේ කර කර හිටපු මාවයි ලොකු අයියවයිත් ඕකට අහුවුනා.  බිස්නස් පාර්ටි එකක් කිව්වට ඒක එහෙම එකක් නෙවේ. ඒ තමයි ජන්කුක් ඔෆීශියලි Black Iu භාර ගත්තු එකට තිබුන පාර්ටි එක. තරහකාරයො කියල බලන්නෙ නැතුව  හැම මාෆියා ටීම් එකක්ම වගේ එතනට එකතු වෙලා තිබුනා. පස්සෙයි මම දැනගත්තෙ ඒක හැම මාෆියා ගැන්ග් එකකටම අලුතෙන් ලීඩර් කෙනෙක් පත් වෙද්දි ඔහොම කරනව කියල. කොහොමහරි  ගියාට පස්සෙ තමයි මායි හ්‍යුනුයි ඒ ගැන  දැනගත්තෙ. හ්‍යුන් අප්පටත් කෑගැහුව මාව මේ වගේ තැනකට එක්ක ආපු එකට. හැමෝම වගේ හිටියෙ මාස්ක් දාගෙන. "

Under The Mask  ( Completed )Where stories live. Discover now